දේශීය පුවත්

කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණෝ පසුගියදා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ වසර දෙකක් තිස්සේ 269 දෙනෙකු ඝාතනයට වග කිව යුතු අය සොයා ගැනීමට ආණ්ඩුව කටයුතු කරණු ඇතැයි කතෝලික ජනතාව ඇතුළු සාමකාමී ජනයා විශ්වාසය පළ කර සිටි නමුත් මේ වන විට එම විශ්වාසය පළුදු වී ඇති බවයි.

ඒ අනුව මූලික විරෝධතාවයක් ලෙස එළඹෙන මාර්තු 7වන ඉරුදින සාමකාමී විරෝධතාවයකට අවතීර්ණ වන බව උන්වහන්සේ අවධාරණය කර සිටියෝය.

එහිදී උන්වහන්සේ වැඩි දුරටත් පවසා සිටියේ ලබන අප්‍රේල් 21 වනදා වන විට ප්‍රහාරයට අවුරුදු 2ක් සම්පූර්ණ වන බවත් ඒ වන විටත් ප්‍රහාරයේ මහ මොළකරුවන් සොයා ගැනීමට විධිමත් විනිවිද පෙනෙන පරීක්ෂණ ක්‍රියාවලියක් ආරම්භ නොවුනහොත් මාර්තු 7 වනදා කළු ඇඳුම් ඇඳීමෙන් පවත්වන විරෝධතාවය සමස්ත ශ්‍රී ලංකාවේම යුක්තිගරුක ජනයාගේ නිවෙස්වල කළු කොඩි එසවීම දක්වා විරෝධතාවය තීව්‍ර කරන බවයි.

වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන් වහන්සේ, ආණ්ඩුවේ නායක කාරකාදීන් කෙරෙහි මෙන්ම ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය කෙරෙහි යම් ප්‍රසාදයක් තිබුණු නමුදු දැන් දැන් ආණ්ඩුව හැසිරෙන ආකාරය කෙරෙහි බලන විට කිසිදු ආකාරයක පැහැදීමක් නැති බව පවසා සිටියෝය.

උන්වහන්සේ පැවැත්වූ මාධ්‍යය සාකච්ඡාවේ වීඩියෝ දර්ශන පහතින්…

මීට කලින් කරපු ඝාතන යට ගැහුව වගේ පාස්කු ප්රහාරය යට ගහන්න දෙන්න බෑ”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More