දේශීය පුවත්

සාධාරණ සමාජයක් සඳහා ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයක් ඊයේ (04) දින කොළඹ ජානකී හෝටලයේදී පැවති අතර සියළුම විපක්ෂ ක්‍රියාකාරීන් සහ සිවිල් සංවිධාන එයට සහභාගීවී තිබූ නමුදු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එ.ජා.ප.නායක රනිල් වික්‍රමසිංහ මෙයට සහභාගීවී නොතිබීම කැපී පෙණුනි. කෙසේ වුවද ආණ්ඩු පක්ෂයේ ප්‍රබළයෙකු මෙය කඩාකප්පල් කිරීමට වැර යොදා ඇති බවට ද ආරංචි පැතිරී තිබුණි.

මෙම වාතාවරණය තුළ සමන්ත්‍රණය අමතමින් එහි සභාපති කරු ජයසූරිය මහතා ප්‍රකාශ කර සිටියේ මෙම සැසියේ අරමුණ වන්නේ වඩා යහපත් රටක් නිර්මාණය කර ගැනීමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇති රටේ පුරවැසියන්ගේ අදිෂ්ඨානය ශක්තිමත් කිරීම බවයි.

තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ දේශපාළන බළය ලබාගැනීම හෝ ඉදිරියේදී පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමේ අභිලාෂයක් මෙම ව්‍යාපාරයට නොමැති බවයි.

20වන සංශෝධනය හරහා අසීමිත බළයක් තනි පුද්ගලයෙකු අතට ඒකරාශී කර ගනිමින් මුළු රටම දේශපාළනීකරණය කරමින් තම හෙන්චයියන් අතලොස්සක් පිරිවරාගෙන ගෙන යන වත්මන් පාළනය හමුවේ රටේ අහිංසක ජනතාවගේ අයිතිවාසිකම් පාගා දමා රටේ ආර්ථිකය දරුණු ව්‍යසනයකට පත්කර ඇති තත්වයක් තුළ වගකිවයුතු පුරවැසියන් ලෙස තවදුරටත් නිහඬව සිටිය නොහැකි යයි ඔහු පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More