ඊයේ (04) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සඳහන් කර සිටියේ පාස්කු කොමිසම විසින් ලබාදුන් සම්පූර්ණ වාර්තාව ප්‍රසිද්ධ කිරීමට හෝ තවමත් කටයුතු කර නොමැති බවත්, මෙම වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් ලෙස හැඳින්විය හැකි බවත්ය.
ඒ අනුව පාස්කු කොමිසම හරහා බලාපොරොත්තු වූ අරමුණ ඉෂ්ට වී නොමැති බවත්, පාස්කු කොමිසමේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් සඳහන් කළ ඔහ් පාස්කු ප්‍රහාරය එල්ල කළ සහරාන් ඇතුළු පිරිසට ඉහළින් සිටි පුද්ගලයා කොමිසම හරහා හෙලිදරව් නොවීම හරහා එම ඉහළින් සිටි පුද්ගලයා කොමිසමේ අවසන් වාර්තාව සකස් කිරීම සඳහා ද බලපෑම් එල්ල කර ඇති බවට සැක කිරීමට සිදුවන බව හරීන් ප්‍රනාන්දු මහතා වැඪිදුරටත් පැවසුවේය.
මේ අතර ස්වර්ණවාහිනී නාලිකාවේ පැවති දේශපාලන සංවාදයකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා පවසා සිටියේ නිකාය භේදය ඇති කරන පාස්කු කොමිසමේ වාර්තාවේ වෙළුම් අසූ ගණනක් ඇති බවත් ඉන් නීතිපතිවරයා වෙත ලබාදී ඇත්තේ හැට පහක් පමණක් බවත්ය.
සියළු වාර්තා ලබා නොදීමෙන් නීතිය හරි ආකාරව සිදුකිරීමට නීතිපතිවරයාට නොහැකි වන බවද හෙතෙම පෙන්වා දුන්නේය.
තවද පාස්කු කොමිෂන් වාර්තාව ලබා දෙන ආකාරය අනුව සංඝ භේදයක් පවා ඇතිවිය හැකි බවත් එක් නිකායක් වෙත වාර්තාව ලබාදී තවත් නිකායක් වෙත වාර්තාව ලබා නොදීමෙන් ගැටළු රාශියක් මතුවන බවත් ඔහු තවදුරටත් පැවසීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...