දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය පිටුපස සිටි සියළුම දෙනා හෙළි කරගෙන නීතිය ඉදිරියට ගෙන ඒම ඉතා වැදගත් මෙන්ම රහස් පොලීසිය විසින් එය සිදු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් එම ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ කොමිෂන් සභාවේ වාර්තාව පිළිබඳව පොදුවේ ගත්කල සෑහීමකට පත්වීමට නොහැකි බවත් මාධ්‍ය අමතමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍ය විමල් වීරවංශ වැඩිදුරටත් දහස් දක්වමින්;
“මුළු රටම අවධානයෙන් හිටියා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය රජය සමයේ පත්කරපු ඒ ජනාධිපති කොමිෂන් සභාවෙන් නිවැරදි තොරතුරු එළියට එයි කියලා. සමහර තොරතුරු එළියට ඇවිල්ලා තියෙනවා. නමුත් පොදුවේ ගත්තාම සෑහීමකට පත්වෙන්න බෑ. ඒ ප්‍රහාරය පිටිපස්සේ හිටිය උදවිය කවුද, ඒ පිටිපස්සේ විදෙස් බලවේග හිටියා නම් ඒ කවුද කියන මේ රටේ ජනතාව අපේක්ෂා කරපු සමහර තොරතුරු ඒකෙ අන්තර්ගත වෙලා නෑ. දැනට රහස් පොලිසිය කරගෙන යන විමර්ශන මගින් හෝ ඒ නිවැරදි තොරතුරු අනාවරණය කරගැනීම ඉතාම අත්‍යාවශ්‍යයි. ඒ වගේම ඒ පාස්කු ප්‍රහාරයට ගෑවිච්ච සියලු දෙනාම නීතිය හමුවට ගෙන ඒමත් අත්‍යාවශ්‍යයි. කොමිෂන් සභා වාර්තාව කියන්නෙ එක දෙයක් විතරයි. ඒ නිසා තවමත් ප්‍රමාද නෑ නීතිය ක්‍රියාත්මක කරන්න. අපි බලාපොරොත්තු වෙනවා පොලීසිය ඒ කටයුත්ත කරයි කියලා”

අප්‍රේල් 21 වනදා වනවිට යුක්තිය ඉටු නොවන්නේ නම් දිවයින පුරා කළුකොඩි ඔසවා විරෝධය පළකරන බවට කාදිනල් හිමියන් කළ ප්‍රකාශය පිළිබඳ විමසීමේදී ඒ මහතා පැවසුවේ “පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු වග උත්තරකාර පාර්ශ්වයන් නීතිය හමුවට ගෙන ඒම සඳහා ඒ බළකිරීම කළ යුතුයි, ඒක සාධාරණයි” යනුවෙනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More