දේශීය පුවත්

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් අද (05) නීතිපතිවරයාට නියෝග කරණු ලැබුවේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වූ සමයේ කඩු 6,000 ක් මෙරටට ආනයනය කිරීමේ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම්වරයාගෙන් හා පොලිස්පතිවරයාගෙන් උපදෙස් ලබාගෙන මේ මස 31 වනදා අධිකරණයට කරුණු දක්වන ලෙසයි.

අති උතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් අධිකරණයේදි මෙම පෙත්සම ගොනුකර ලබුණි.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් තමා මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටින බවත් මෙම නඩුවට පාදක වන කරුණ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ ද? එම විමර්ශන වල වත්මන් තත්ත්වය කෙසේ ද? යන්න පිළිබඳව තම සේවාදායකයන් ගෙන් විමසා කරුණු දැක්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ඇගේ ඉල්ලීම පිළිගත් අධිකරණය ඒ පිළිබඳව මේ මස 31 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙස ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය ට දැනුම් දෙනු ලැබුණි.

මෙහිදී පෙත්සම්කාර කාදිනල් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා අදාළ කඩු තොගය පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර මෙරටට ආනයනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ඒ පිළිබඳව විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බවත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.

ආනයනය කර තිබූ කඩු 6,000න් 600ක් පමණ මේ වනවිට හඳුනාගෙන තිබෙන බවත් ඒවා මොහොමඩ් සත්තාර් නැමැත්තෙකු විසින් ගෙන්වා ඇති බවටත් ඒවා පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කොට මිය ගිය මොහොමඩ් ඉන්සාෆ් නැමැත්තාගේ අවශ්‍යතාවයකට ගෙන්වා තිබෙන බවට තොරතුරු හෙළිව තිබෙන බවත් මැල්කම් රංජිත් හිමිපාන් පෙත්සමෙන් පෙන්වා දෙයි.
.
කාදිනල් හිමිපාණන් පවසා සිටින්නේ තවත් කඩු 5400ක් පමණ මේ වනවිට රට තුළ තිබෙන බවත් මෙය ජාතික මෙන්ම මහජන ආරක්ෂාවට දැඩි තර්ජනයක් බවත්ය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More