දේශීය පුවත්

කි.මී. 129ක් පමණ දිගකින් යුත් කැළණි ගං කොමළිය සතු මැණික් නිධිය රාජ්‍ය මැණික් සංස්ථාවේ ද අනුග්‍රහයෙන් මංකොල්ලකෑමේ සූදානමක් ඇති බව සපරගමුව අඩු ආදායම්ලාභීන්ගේ පතල් සංගමයේ සභාපති චින්තක අරුණ කුමාර මහතා අනතුරු අඟවා සිටී.

සුලු පරිමාණ, මධ්‍ය පරිමාණ සහ මහා පරිමාණ ව්‍යාපාරිකයින් සපරගමුව ප්‍රදේශයේ සිටින බවත් එසේ තිබියදී මහා පරිමාණ මැණික් ව්‍යාපාරිකයෙකුයි කියන තනි ව්‍යාපාරයකට මෙය ලබාදිම බරපතළ ගැටළුවක් බවත් ඔහු ප්‍රකාශ කර සිටී.

රාජ්‍ය මැණික් සංස්ථාවේ සභාපති ඇතුළු ඉහළ නිළධාරින් සමග මේ පිළිබඳව සාකච්ඡා කරමින් ග්‍රාමීය අඩු ආදායම් ලාභීන්ට ද ආදායම් බෙදීයන හරවත් විකල්ප යෝජනාවන් තම පාර්ශවයෙන් ඉදිරිපත් කර තිබියදීත් තම පාර්ශවයට එම නිළධාරීන් විසින් වාචිකව පැවසූ දේවල් වලට ද පටහැනිව යමින් මෙය ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බව ඔහු ප්‍රකාශ කරයි.

තමාද ඇතුළුව තම සංගමයේ බහුතරයක් පොහොට්ටුව දිනවීමට කැපවූ පිරිසක් බවත් රත්නපුරයේ මැණික් කුළුණක් සාදා රත්නපුරයේ අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්වය උසස් කිරීමට කටයුතු කරනවා යයි බොරු කියමින් යම් නිළධාරීන් ද ඇතුළු කණ්ඩායමක් විසින් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා රවටා ඇති බවත් ප්‍රකාශ කරන ඔහු විශේෂ කාර්ය බළකාය යොදවා ප්‍රදේශවාසීන්ට නෑමටවත් ගඟට බැසීමට නොහැකි තත්වයක් මේ වනවිට උදා වී ඇති බවට කරුණු හෙළිදරව් කරයි.
සම්පූර්ණ වීඩියෝව පහතින්



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More