විදේශ පුවත්

ලබන මස (ජුනි) 12 වෙනිදා සිංගප්පුරුවේදී තමන් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් හමුවන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.

සාකච්ඡා සඳහා උතුරු කොරියානු නායකයාගෙන් ලද පෙර නොවූ විරූ ආරාධනය පසුගිය අප්‍රේල් මස ඔහු විසින් පිළිගනු ලැබුවේ ලොවම පුදුමයට පත් කරමිනි.

මීට ඉහතදී දෙදෙනා ම එකිනෙකා වෙත අපහාස මෙන්ම තර්ජන ද එල්ල කළහ. උතුරු සහ දකුණු කොරියාව අතර සාකච්ඡාවලින් පසුව මේ වර්ධනීය තත්ත්වය හටගත්තේය.

නායක දෙපළ අතර හමුව පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළේ උතුරු කොරියාව විසින් නිදහස් කරනු ලැබීමෙන් අනතුරුව සියරට පැමිණි ඇමෙරිකානුවන් තිදෙනා පිළිගැනීමෙන් පැය කිහිපයක් ඉකුත්ව යද්දීය.

නායක හමුව සුදානම් කිරීමට අදාළ කරුණු සාකච්ඡා කිරීමේ අරමුණින් රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්යොංයෑං වෙත ගොස් සිටි අතරවාරයේදී එම සිරකරුවන් තිදෙනා නිදහස් කෙරිණි.

නිදහස ලැබූවන් පිළිගන්න ට්‍රම්ප් ගුවන් යානයට යයි
කිම් ජොන්ග් අන් දකුණු කොරියාවට පා තබයි
කොරියානු නායක හමුව: ජාත්‍යන්තර ප්‍රතිචාර
ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රික කාර්යයන් සඳහා සිංගප්පුරුව මීට පෙර ද යොදාගෙන තිබේ. වසර 60 ට පසුව 2015 දී චීන – තායිවාන නායක සාකච්ඡා පැවැත්වුණේ ද සිංගප්පුරුවේදී ය.

ඇමෙරිකාව හා සිංගප්පුරුව අතර පවතින්නේ ඉතා සමීප සබඳතාවකි. සිංගප්පුරුව සහ උතුරු කොරියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පැවතිය ද ජාත්‍යන්තර සම්බාධක දැඩිවීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී උතුරු කොරියාව සමග ඇති සියලු ආකාරයේ වෙළෙඳ සබඳතා අත්හිටුවීමට සිංගප්පුරුව පියවර ගත්තේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More