දේශීය සහ ආයුර්වේද වෛද්‍යවරු චෝදනා කරන්නේ කොරෝනා වෛරසය මර්ධනය සඳහා සකස් කරන ලද ධම්මික පැණිය ඇතුළු ආයුර්වේද ඖෂධ කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන සායනික පරීක්ෂණ සහ අනෙකුත් පරීක්ෂණ කිසිවක් නිසි ලෙස සිදු නොවන බවයි.
එම වෛද්‍යයවරුන්ට අනුව ද්ශීය ඖෂධ කීපයක් සඳහා ආයුර්වේද සූත්‍ර කමිටු විසින් පරීක්ෂාකර අනුමැතිය ලබා දී ඇත්තේ මීට මාස තුනකට පමණය.
එම අනුමැතිය ලැබීමෙන් පසුව ඉදිරි පියවර ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව හරහා සායනික පරීක්ෂාවන් සිදු කිරීමට සැලසුම් කර තිබූ නමුදු යම් පිරිසක් විසින් මෙම කටයුත්ත කඩාකප්පල් කළ බව ඔවුහු පෙන්වාදෙති.
ධම්මික පැණිය පිළිබඳ සායනික පරීක්ෂාවන් කිරීමට බටහිර වෛද්‍ය ක්‍රමයට බාර දී මේ වන විට එහි සායනික පරීක්ෂාවන් සිදු කෙරෙමින් පැවතුනද අදාළ පැණිය ලබාදෙන්නේ දිනකට රෝගීන් දෙතුන් දෙනෙකුට පමණක් බවද ඔවුහු චෝදනා කරති.
එලෙස ව්‍යාජ සායනික පරීක්ෂන සිදු කරමින් සායනික පරික්ෂා අවසන් කිරීමට නොහැකි බව පවසමින් ජනතාවට එම ඖෂධය ලබාදීම දිගින් දිගටම ප්‍රමාද කරමින් ඇති බවත් අනෙකුත් දේශීය ඖෂධ පිළිබඳ මෙතෙක් කිසිදු විධිමත් සොයාබැලීමක් සිදු නො කරන බවත් ඔවුහු චෝදනා කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...