දේශීය පුවත්

නිකොටින්වලින් හා දුම්කොළවලින් තොරව කුරුඳු භාවිත කරමින් සිගරට් වර්ගයක් නිපදවීමට පසුගිය දිනවල දේශීය සමාගමක් මැදිහත් වූ අතර, මේ සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය හා අනුමැතිය ලැබී තිබිණි.

මෙය දුම්පානය කරන අය සඳහා දුම්පානයේ ආස්වාදය ඒ අයුරින්ම ලබාගත හැකි නිෂ්පාදනයක් වන අතර දුම්කොළ සහිත සිගරට්වල ඇති සෞඛ්‍ය අවදානම් බොහොමයක් මේ කුරුඳු සිගරට්ටුව තුළ නොතිබීමත් මෙය සීයට සීයක් දේශීය නිෂ්පාදනයක් වීමත් විශේෂත්වයකි.

මේ සිගරට් වර්ගය දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමට පමණක් නොව අපනයනය කිරීමට පවා සියලු සැලසුම් සකස් වෙමින් තිබිණි. මේ මගින් නව රැකියා ලක්ෂයක් පමණ උත්පාදනය කිරීමට හැකියාව ඇති අතර, එමගින් අපේක්ෂිත අපනයන ආදායම වසරකට ඩොලර් බිලියනයක පමණ වේ.

මේ සියල්ල ඉතා සාර්ථකව සිදුවෙමින් තිබියදී කුරුඳු සිගරට් නිෂ්පාදනය වහාම නතර කරන ලෙස ලංකාවේ දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය හදිසියේම අදාළ සමාගමට ලිපියක් මගින් දැනුම් දී ඇත.අධිකාරිය මේ තීරණය ගෙන ඇත්තේ ඉතා අරුම පුදුම තර්කයක් මත වීමද විශේෂත්වයකි. අධිකාරියේ සභාපති වෛද්‍ය සමාධි රාජපක්ෂ මහතා පවසන්නේ දුම්කොළ නොවන නිෂ්පාදනයක් දුම්කොළ නිෂ්පාදනයක් සේ හැඟී යන ආකාරයට විකිණීම හෝ බෙදාහැරීම තහනම් නිසා තමන් මේ තීරණය ගත් බවය.

මේ සිගරට් පැකැට්ටු මත මෙය සීයට සීයක්ම කුරුඳු නිෂ්පාදනයක් බවත්, මෙහි නිකොටින් හා දුම්කොළ අන්තර්ගත නොවන බවත් ඉතා පැහැදිලිව සඳහන් කර තිබියදී මේ සභාපතිවරයාට ප්‍රශ්නය වී ඇත්තේ එය දුම්කොළ නිෂ්පාදනයක් ලෙස පාරිභෝගිකයාට වැරදි හැඟීමක් ඇති විය හැකි වීමය. එසේ වුවද ඇත්තටම දුම්කොළ අඩංගු බහුජාතික සමාගම්වල නිෂ්පාදන තොග පිටින් රටේ විකුණන විට, ඒ සඳහා විශාල මුදලක් රටින් පිටතට ඇදී යන විට, සෞඛ්‍ය ප්‍රශ්න උද්ගත වන විට ඒ කිසිවකට අදාළ නොවන නීතියක් දුම්කොළ නැති දේශීය නිෂ්පාදනයකට පමණක් අදාළ වීම පුදුම සහගතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More