අද (04) පැවති මාධ්‍ය හමුවකදී මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසා සිටියේ කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් දින දෙකකට පසුවත් උණ තත්වයන් ඇත්නම් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වියයුතු බවයි.
එහිදි ඔහු අවධාරණය කළේ එන්නත ලබාගැනීමෙන් පසු කිසිවෙකු මියගිය බවට මෙතෙක් තහවුරු වී නොමැති බවයි.
මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වෛද්‍යය හේමන්ත හේරත් මහතා “එන්නත ලබා ගැනීමෙන් පසුව සාමාන්‍යයෙන් දවස් 2ක් ඇතුළත මේ උණ අඩු වෙනවා. ඉන් පසුවත් උණ තිබුණොත් එය නොසලකා හැරිය යුතු නැහැ. හැකි ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීම වැදගත්. එයට හේතුව වන්නේ ඩෙංගු රෝගය වීමට ඉඩකඩ තිබෙන නිසයි.” යනුවෙන් පැවසුවේය.
එන්නත් ලබා ගැනීමකින් අනතුරුව ගම්පහ ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින්,”මේ අයගේ මරණය සිදුවුණේ එන්නත නිසා ද කියා අපි විමර්ශනය කරගෙන යනවා. එන්නතක් ලබාදුන්නාට පසු ඇතිවන්න පුළුවන් අතුරු ආබාධ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ලෝකයේ පිළිගත් ක්‍රමවේද තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී තොරතුරු ඉදිරිපත් කරන්න අපිට හැකිවේවි. එතෙක් අපිට කියන්න පුළුවන් වන්නේ එන්නත දීම නිසා සිදුවූ මරණයක් නෙමෙයි කියා පමණයි.” පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...