දේශීය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සර සැමරුම් උලෙළට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා සිය නිළ සංචාරය අතරතුර ඊයේ (03) දින පස්වරුවේ අරලියගහ මන්දිරයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු වී ඇත.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාවක් ඇති අතර එය ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී තිබෙන අතර ඉන්දියානු ගුවන් හමුදාව විවිධ පාඨමාලා ඔස්සේ මෙරට ගුවන් හමුදා නිළධාරීන් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තර සහායක් ලබා දෙයි.

දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි බව පෙන්වා දුන් එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා ඉන්දියානු ගුවන් හමුදාව ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බව ද පවසා ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More