දේශීය පුවත්

මහජන උපයෝගීතා කොමිසමේ (PUCSL) හිටපු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ආණ්ඩුව විසින් පත් කළ නව කොමිෂන් සභාව ඉහළ බළධාරීන්ගේ අරමුණු අනුව කටයුතු කරමින් හදිසි විදුලි මිලදී ගැනීම් අනුමත කිරීමේ දූෂිත ගණුදෙනුවකට සූදානම් වන බව වාර්තාවේ.

එම කොමිසම පිහිටුවනු ලැබුවේ විදුලි පාරිභෝගිකයන් මත බර පටවන ආකාරයෙන් අධික මිලකට විදුලිය මිලදී ගැනීමේ අවස්ථා අවම කිරීමේ අරමුණෙනි.

විවිධ කොමිස් ජාවාරම් අනුව, ලංකා විදුලිබල මණ්ඩලය තාවකාලික හදිසි විදුලි මිලදී ගැනීම් දිගටම කරගෙන යනු ලබන්නේ රට තුළ කිසිදු හදිසි තත්වයක් ඇතිවී නොමැති තත්වයක් තුළය.

මේ වනවිට විදුලි ඒකකයක් (මෙගා වොට් එකක්) රුපියල් 28 – 30 ක තීරු ගාස්තුවකට “වී පවර්” නම් ආයතනයෙන් මිලදී ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අනුමැතිය ලබා දී ඇති බව අනාවරණය වී ඇත. විදුලි බලාගාර තුනක විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් පවතින්නේ මෙගා වොට් ඒකකයක් රුපියල් 23- 24 ක ගාස්තුව යටතේ වුවද ඒවායේ විදුලි සැපයුම් ගිවිසුම් ඉක්මනින්ම අවසන්වීමට නියමිත නිසා කොමිස් ගරා ගැනීමේ අරමුණින් ඉහත අනුමැතියන් ලබාදී ඇති බව සැළවේ.

එම විදුලි බලාගාරවල අවශ්‍යතාව සඳහා බර උදුන් තෙල් සපයන්නේ තෙල් සංස්ථාවය. එම හේතුව නිසා තෙල් සංස්ථාවේ ද ආදායම් මාර්ගයක් අවදානමට ලක් කරමින් එම බලාගාරවල සැපයුම් අවසන් කිරීම මගින් ආණ්ඩුවේ ඉහළ පුද්ගලයන් විසින් බාහිර විදුලි සැපයුම් ව්‍යාපාරිකයන්ගෙන් කොමිස් ගැසීමට නියමිත බව පැහැදිලිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More