පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අද(04) පැවැති මාධ්‍යය සාකච්ඡාවකදී පවසා සිටියේ වැලිගම මිදිගම ප්‍රදේශය මේ වනවිට ශ්‍රී ලංකාව තුළ හෙරොයින් සහ කෘත්‍රිම මත්ද්‍රව්‍ය බෙදාහරින කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් ඇති බවට හඳුනාගෙන තිබෙන බවයි.
එහිදී ඔහු අනවරණය කර සිටියේ ඒ හේතුවෙන් එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදු කිරීමට පොලිසිය පියවර ගෙනඇති බවය.
මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය වැලිගම ප්‍රදේශයේදී ඊයේ (03) දිනයේ ද හෙරොයින් ග්‍රෑම් 145ක් සමග 38 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට සාර්ථක මෙහෙයුමක් දියත් කර තිබුණි.
නාවික හමුදාව තලේමන්නාරම ප්‍රදේශයේදී අයිස් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 21ක් සමග තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවද වාර්තාවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...