නව ලිබරල්කරනයේ අවශ්‍යයතාවයට අනුව අපේ රට වැනි රටවල් තුළ අභ්‍යයන්තර ගැටුම් උත්සන්න කරවීම බටහිර රටවල ඔත්තු සේවා වලත් ඉන්දියාවේ “රෝ” ඔත්තු සේවාවේ ක්‍රියාවක් බව අරුන් සිද්ධාර්තන් මහතා පවසයි.සමාජ මාධ්‍යය සංසදය මගින් ඊයේ(03) පැවැත්වූ මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් අරුන් සිද්ධාර්තන් මහතා මේ බව පැවසුවේය.
එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ තමා මාධ්‍යයවේදියෙකු ලෙස ක්‍රියාකරන සමයේ අමෙරිකානු තානාපති කාර්යාලයේ සමහර නිළධාරීන් ශ්‍රී ලංකා යුද හමුදාවට එරෙහිව තොරතුරු ලබාදෙන්නේ නම් වරදාන ලබාදීමට පොරොන්දු වූ බවය. තව දුරටත් අදහස් දක්වමින් ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකා හමුදාව යුද අපරාද කළේ යැයි බොරු චෝදනා එල්ල කරන්නවුන් කිසිම විටක කොටි ත්‍රස්තවාදීන් කළ මානව විරෝධී ක්‍රියාවන් පිළිබඳව වචනයක්වත් නොකියන බවයි. ඔහු ඒ අනුව සිංහල දෙමළ මුස්ලිම් සියළුම පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ මව්බිමට එරෙහිව කරණු ලබන කුමන්ත්‍රණ වලට එරෙහිව සෘජුව හිටගන්නා ලෙසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...