දේශීය පුවත්

ඊයේ (03) උදෑසන ඉරණතිව් දූපතට පිවිසෙන ඉරණමාතා නගර් ප්‍රදේශයේදී කොවීඩ් වෛරසයෙන් මිය ගිය සිරුරු ඉරණතිව් දූපතේ වලදැමීමට රජය විසින් ගෙන ඇති තීරණයට එරෙහිව දැඩි විරෝධයක් පල කිරීමට එම දූපත් වැසියෝ කටයුතු කර තිබූ බව වාර්තාවේ.

ඉරණතිව් දූපතට පිවිසිය යුතු ප්‍රධාන ගම්මානය ඉරණමාතා ප්‍රදේශය වේ. ඉරණමාතා ගම්මානයේ කතෝලික පියතුමන්ලා සහ ස්වේච්ඡා සංවිධාන මෙන්ම ගම්වාසීන්ද මෙම විරෝධතාවය සංවිධානය කිරීමට සහභාගි වී තිබූ බවද වාර්තා වේ.

විරෝධතාවයේ නිරත වූ ඉරණමාතා නගර් ප්‍රදේශයේ වැසියන් මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ, යුද්දෙන් පසුව 2017 වසරේදී ඉරණතිව් දූපතට නැවත පදිංචියට ගිය වැසියන්ගෙන් මේ වන විට නැවත පදිංචි පවුල් 108 කට අයත් පුද්ගලයින් 335 දෙනෙකු ජීවත්ව සිටින බවයි. එසේම දූපතේ සිටින කිසිදු වැසියෙකු මේ වන තුරුත් කොරෝනා ආසාදිත හෝ බලපෑමකට ලක්ව නොමැති අතර කොරෝනා සිරුරු දූපතේ වල දැමීම හේතුවෙන් ඉරණතිව් වැසියන් දැඩි අවධානමකට ලක්වන බව ඔවුහු පැවසූහ. ඒ අනුව කොරෝනා සිරුරු දූපතේ වලදැමීමේ තීරණය වහාම නතර කළ යුතු බව ඔවුහු අවධාරණය කළහ.

මෙහිදී කොරෝනා සිරුරු වලදැමීමට යැයි හාරන ලද සැකසහිත වලවල් කිහිපයක් වසා දැමීමට ඉරණතිව් වැසියන් පිරිසක් පියවර ගෙන තිබුණු බවද වාර්තාවේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More