කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ(03) එම අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ පුත්තලම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරිණි.
නීතිඥ හිජාස් හිස්බුල්ලා පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන මාස කිහිපයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටි අතර පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසලක් පවත්වාගෙන යමින් අන්තවාදී ඉගැන්වීම් සිදු කිරීමේ චෝදනාවට අදාළව එහි විදුහල්පතිවරයා පසුගිය 17 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...