දේශීය පුවත්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ පැවති ඉන්දීය සමුද්‍ර සමුළුව අමතමින් නිවේදනය කර සිටියේ ඉන්දියාව සිය සමුද්‍රීය මෙහෙයුම් පුළුල් කරමින් “සාගර මන්තන්” නමින් වාණිජ ගමනාන්ත අධීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවයි

එම සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි;

“සාගර මන්තන් නැමැති වාණිජ ගමනාන්ත අධීක්ෂණ මධ්‍යස්ථානයක් අද ආරම්භ කළා. ඒ තුළින් මුහුදු මාර්ගවල ආරක්ෂාව තහවුරු කිරීම, මුහුදු ජීවීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමත් සිදුවනවා. සාගර් මාලා නැමැති වරාය මුලික කොටගත් සංවර්ධන ක්‍රියාවලිය අපගේ රජය විසින් හඳුන්වා දුන්නේ 2016 දීයි. මෙම ක්‍රියාවලිය තුළින් 2015 ත් 2035 ත් අතර වන කාලරාමුව තුළදී ව්‍යාපෘති 574 ක් අමෙරිකානු ඩොලර් බිලයන 82 ක ප්‍රතිපාදන තුළින් නිම කිරීමට නියමිතයි. බිම්ස්ටෙක්ස් සහ අයි.ඕ.ආර් රාජ්‍යයන් අතර ආර්ථිකමය සහ වෙළෙඳමය කටයුතු වැඩි දියුණු කිරීමේ බලාපොරොත්තුව ඇතිව යටිතල පහසුකම් සහ ආයෝජන සිදු කිරීමට 2026 වනවිට එකඟතා ඇති කර ගැනීමට අප සුදානම්”.

මේ අතර වාණිජ ගමනාන්ත අධීක්ෂණ මධ්‍යස්ථානය ඉන්දියාව එක් පසෙකින් ආරම්භ කරද්දී තවත් පසෙකින් ශ්‍රී ලංකා, මාලදිවයින සහ ඉන්දියා ඒකාබද්ධ ත්‍රෛපාර්ශ්වික ජාතික ආරක්‍ෂක උපදේශක ලේකම් කාර්යාලයක් පසුගියදා කොළඹදී ආරම්භ කළේ ය.

චීනයේ එක් මාවතක් එක් තීරයක් ව්‍යාපෘතියට තරඟකාරීව මුහුණදීමට ඉන්දියාව සාගර් මාලා නමින් සිය රටවටා ඇති වරාය ගනණාවක් වැඩි දියුණු කරමින් සිටි.

නව වාණිජ ගමනාන්ත අධීක්ෂණ මධ්‍යස්ථානය හරහා කලාපීය වෙළෙඳ නාවික කටයුතුවලටද ඔවුන් පුළුල් ලෙස මැදිහත්වනු ඇති.

කොළඹ වරායේ බටහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමූහය සමග සංවර්ධනය කිරීමට මෙරට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දෙන්නේ මේ පසුබිම තුළයි.

2020 අප්‍රේල් 22, ඒ පිළිබඳව ” ද හින්දු” වාර්තාවක් පහත ලින්ක් එකෙන්
https://www.thehindu.com/opinion/op-ed/putting-the-sagar-vision-to-the-test/article31399219.ece



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More