දේශීය පුවත්

සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන්ගේ අන්තවාදී කි‍්‍රයා හා ඒ සඳහා ආධාර අනුබලදීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට පොලීසිය ඉදිරිපත් කළ විමර්ශන ගොනුවක් නිසිලෙස අධ්‍යයනය කර පොලිසියට උපදෙස් ලබාදීමට අපොහොසත් වීමෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අසාත් නවාවි මහතා ආයතන සංග‍්‍රහය යටතේ ගැනෙන අකාර්යක්‍ෂමතාවය නමැති වැරැද්ද සිදුකොට ඇති බැවින් ඔහුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා නීතිපතිවරයාට දැනුම් දී ඇත.

අසාත් නවාවි මහතා තමන් භාරයට පත්ව තිබූ ඊඊආර් 8/2017 දරන විමර්ශන ගොනුව අධීක්‍ෂණය කිරීමට අසමත් වීමෙන් සහ එම ගොනුව සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා ජනරජයේ පොලිස් දෙපාර්තමේන්තුව වෙත නීතිපතිවරයා වෙනුවෙන් ලබාදිය යුතු උපදෙස් ලබාදීමට අපොහොසත් වීමෙන් ආයතන සංග‍්‍රහයේ එක්ස් එල්. බී. ඓඓඓ උපලේඛනය යටතේ ගැනෙන වැරදි සිදුකර ඇතැයි ද අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් යොමු කළ ලිපියක් මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා වැඩිදුරටත් දැනුම්දී ඇත.

මේ අතර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ අධිනීතිඥ මලික් අසීස් මහතා සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා විසින් ඉල්ලා තිබූ සියලූ ලේඛන නීතිපති දෙපාර්තමේන්තුව විසින් 2020.12.20 වැනිදා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමුකර ඇතැයි වැඩිදුරටත් වාර්තාවේ.
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More