දේශීය පුවත්

පෑලියගොඩ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පොලිස් ස්ථානය තුල දී සහ පොලිස් වාහනයක් තුල දී තමන්ට පහරදුන් බව හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පුත් නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න විසින් කරණ ලද පැමිණිල්ලට අදාල එම පහරදීමේ සිද්ධියට සම්බන්ධ සියලු පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා පොලිස්පති සී ඩී වික්‍රමරත්නට උපදෙස් දී තිබේ.

ඒ අනුව ඔවුන් දණ්ඩ නීති සංග්‍රහය සහ වධ හිංසා පණත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නීතිපතිවරයා විසින් දන්වා ඇති බව වාර්තා වේ.

පසුගිය සතියේ පෑලියගොඩ පොලිස් ස්ථානයේ සිටි සැකකරුවෙකු බැලීමට ගිය නීති සිසු මිගාර ගුණරත්නට එම පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ තවත් නිලධාරීන් පිරිසක් එක්ව පහරදී තිබූ අතර එම සිදුවීමෙන් පසු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුගේ වැඩ තහනම් කර තිබුණත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More