දේශීය පුවත්

අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේ මෙතෙක් කලක් දෙසැම්බර් මාසයේ පැවැත්වූ විභාගය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, අගෝස්තු මාසයේ පැවැත්වූ උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවයි.

මෙම වෙනස්කම් කිරීම සඳහා වන කැබිනට් පති‍්‍රකාව ලබන සතියේදී ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු පවසා සිටියේය. කෙසේ වුවද මෙම වෙනස්කම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එය ජනතා කැමැත්ත මත කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද මහාචාර්ය කපිල පෙරෙරා මහතා අවධාරණය කළේය.

මහාචාර්ය කපිල පෙරෙරා මහතා පවසා සිටියේ අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ඉහත මාස දෙක තුළ පැවැත්විමට කටයුතු කිරීමෙන් දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර වැයවන කාලය මාස නවයකින් අඩුකර ගැනීමට හැකිවනු ඇති බවයි.මහාචාර්ය කපිල පෙරෙරා මහතාට අනුව සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමෙන් පසු සමත්වන සිසුන්ට ජනවාරි මාසයේ සිට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට හැකිවනු ඇති බවද පවසා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More