දේශීය පුවත්

ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මෙසේ ප්‍රශ්ණ කර සිටියේය;

ජීවිතේ කිසි දවසක නො ඇසූ, අත් නොදුටු අමුතුම සිදුවීමක් ගුවන් හමුදාවේ හැත්තෑ වැනි සංවත්සරය නිමිත්තෙන් මේ දිනවල අපි අත්දකිනවා. ඒ තමයි අපේ ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරය සමරන්න ඉන්දීය ගුවන් හමුදාවේ යානා, ප්‍රහාරක යානා, නිරීක්ෂණ යානා, හෙලි කොප්ටර යානා විශාල ප්‍රමාණයක් මෙහි අභ්‍යාස කරනව.

එවන් යානා වලට රටක දේශ සීමා වලට ඇතුලු වීමට සපුරා තහනම්. එවන් ජාත්‍යන්තර නීතිරීති, ජාත්‍යන්තර යුධ නීති රීති උල්ලංඝණය කරමින් අපේ ගුවන් හමුදාවේ අභිමානය සැමරීම මුවාවෙන් අපේ ගුවන් හමුදාවේ හීන ධීන භාවය ප්‍රදර්ශණය කිරීමක් මෙන්ම අපේ රටේ පරාධීනත්වය ප්‍රදර්ශණය කිරීමක් නොවේද යන්න මම අහනවා?

අධීක්ෂණ යානාවක් කියන්නේ අතිශයින්ම අධිතාක්ෂණය සහිත අධිතාක්ෂණික පහසුකම් සහිත යානා. ඒ යානා එක්වරක් අපේ රට හරහා ගියාම අපේ තියන සියලුම තොරතුරු ඒ යානා වලට ගැනීමේ පහසුකම් ඒ යානාවල තියනවා. එහෙම වෙනවා.

මෙහිදී ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසා සිටියේ;

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානය සැමරිය යුතු ගුවන් හමුදාවේ ස්වාධීනත්වය ස්වෛරීයත්වය සැමරිය යුතු මේ සංවත්සරය දැන් අපි සමරන්නේ ඉන්දියාවේ බළවත් බව ඔවුන්ගේ තාක්ෂණික භාවය මේව තමයි අපි දැන් නරඹන්නේ. මෙවන් සිදුවීමක් ලෝකයේ කිසි රටක සිදුවී ඇති බවක් අපි දන්නේ නැහැ. ශ්‍රී ලාංකීය ගුවන් හමුදාවේ අභිමාණනීය භාවය අභිමානය ප්‍රදර්ශණය විය යුතු අවස්ථාවේදී වෙනත් රටක තියෙන අභිමානය වෙනත් රටක තියෙන බළය බළ ශක්තිය බළ පරාක්‍රමය පෙන්වන්න ලංකා ඹූමිය උපයෝගී කරගෙන තියනවා.

කියන්නේ නම් ගුවන් හමුදාවේ ආරාධනාවෙන් මෙම පිරිස ආව කියල. ඉන්දියානු නිරීක්ෂණ යානා, ප්‍රහාරක යානා ඇතුලු මේ බළඝණය ඇවිල්ල තියෙන්නේ අපේ ආරාධනාවෙන් කියල. දැන් හෙට නැත්නම් අනිද්දා එහෙම නැත්නම් ඊ ලඟ අවුරුද්දේ සැමරීමට චීනයටත් ඉඩ දෙනවද? නැත්නම් ඇරිකාවට ඉඩ දෙනවද? අපේ භූමිය තුල තමන්ගේ බළ පරාක්‍රමය පෙන්වන්න.

මේ පෙන්වන්නේ කාගේ බළයද? මේකෙන් අපේ අභිමානයට මොකද වෙන්නේ?. කවුරුත් මොන මොනව හරි උත්තර කියයි. නමුත් අල්ලපු වැටේ ඉන්න මනුස්සයාගේ ඇති හැකියාව කීමෙන් අපේ ගෙදර අයට ඇති වැඩේ මොකක්ද?

ජනාධිපතිතුමා ඇතුලු නිළධාරීන්ගෙන් මම ප්‍රශ්ණ කරනවා; විධායකය නැත්නම් ත්‍රිවිධ හමුදාවේ ආඥාදායකත්වය දරන ජනාධිපතිතුමා මෙයින් බලාපොරොත්තු වන්නේ අපේ අභිමානය යට කොට ඉන්දියානු අභිමානය ඉහලට ඔසවා තැබීම නෙවෙයිද? කියන එක.

ඇයි මේවට ඉඩ දුන්නේ මෙයින් අපේ ගුවන් හමුදාවට සිදුවන යහපත කුමක්ද? අපේ විදේශ ප්‍රතිපත්තියේ තියෙන හීන ධීන භාවය නෙවෙයිද මේ ප්‍රදර්ශණය වන්නේ?. අපේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද? අපි පසුව චීනයටත් මේ අවස්ථාව දෙනවද? වෙනත් ලෝක බළවතුන්ට ඇවිත් මේ අපේ බිම ඔවුන්ගේ කෙළි බිමක් බවට පත්කර ගන්නට මෙයින් ඉඩ ලැබෙන්නේ නැද්ද?

මේක අපිට බළවත් විමතියක්. අපි බලධාරීන්ගෙන් විමසනවා කුමක්ද මේ අපේ අභිමානයට සිදුවන්නේ? කියන දේ,



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More