දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ අවසන් නිගමනයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් අද පස්වරුවේ අගවිනිසුරුවරයා වෙත භාර දී තිබේ.
ජනාධිපති කොමිෂන් සභාවේ නිර්දේශ මගින් ස්වාභාවික යුක්තිධර්මයට බලවත් හානියක් සිදුව ඇති බව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වෙත පෙන්වා දෙමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් මෙම ලිපිය යවා ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...