ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගොවි ව්‍යාපාරයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පිටකෝට්ටේ පිහිටි එම ව්‍යාපාරයේ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටියේ නිෂ්පාදන පිරිවැයට සරිලන ආදායමක් නොමැති වීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් වී ගොවියා අද ණයකරුවකු වී ඇති බවත් වී වගාව සඳහා යොදාගත් ලක්ෂ 09කට අධික හෙක්ටයාර ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වී ගෙන යන බවත් මේ සියල්ල සමග නුදුරු අනාගතයේ දී ජාතියට බත සැපයීමේ භූමිකාවෙන් වී ගොවියාට සමු ගැනීමට සිදු වනු ඇති බවත් පවසා සිටියේය. එහිදී නිමල් පියතිස්ස මහටා පවසා සිටියේ සහල් නිෂ්පාදනය වැඩි කරමින් වී ගොවියා ශක්තිමත් කරන ජාතික එකඟතාවක් සැකසීමට ආණ්ඩුව, ගොවි සංවිධාන මෙන්ම පාරිභෝගික ජනතාව ද පෙළගැසිය යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්,වී ගොවියා මුහුණ දෙන ගැටළු වන නිෂ්පාදන පිරිවැයට සරිලන ආදායමක් නොමැති වීම, වාරිමාර්ග සම්බන්ධිත ගැටළු, යොදා ගන්නා තාක්ෂණය යාවත්කාලීන නොවීම, සහතික මිල ප්‍රමාණවත් නොවීම ආදී ගැටලුවලට පැලැස්තර නොඅලවා ඒවාට ඉහත කී ආකාරයට සකසන ජාතික එකඟතාවක් මගින් පිළිතුරු සැපයිය යුතු බව ද පෙන්වා දෙනු ලැබීය.
ලෝක පරිමාණයෙන් එන ආහාර අර්බුදයට සාර්ථකව මුහුණ දීමට ද අප රටක් ලෙස එවැනි ජාතික එකඟතාවක් යටතේ ජාතියට බත සපයන ගොවියා ශක්තිමත් කළ යුතු බව නිමල් පියතිස්ස මහතා සඳහන් කළේය
වී ගොවියා ශක්තිමත් කිරීමේ ජාතික එකඟතාවක් රටක් ලෙස අප ගොඩනැගුවහොත් බුලත් විටකට රුපියල් 60ක් ද සිගරට්ටුවකට රුපියල් 65ක් ද මත්පැන් බෝතල් කාලකට රුපියල් 450 ක් ද වැය කරන පුද්ගලයන් සහල් කිලෝව රුපියල් 110කට මිලදී ගැනීම අතිදුෂ්කර දෙයක් සේ හුවා දැක්වීම වැනි ආකල්ප පවා සමාජයෙන් බැහැරව යනු ඇති බව ද ඒ මහතා පෙනවා දුන්නේය.
මෙම මාධ්‍ය හමුවට ජාතික ගොවි ව්‍යාපාරයේ ජාතික විධායක කමිටු සාමාජික සාගර අනුරුද්ධ මහතා ද එක්ව සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...