බොදු බල සේනා සංවිධානය මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව කොමිෂන් සභා වාර්තාවක් රචනා කරන තැනැත්තෙකු හට පැවතිය යුතු අපක්ෂපාතීත්වය සහ වෘත්තීයමය නිපුණත්වය වෙනුවට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සහ බොදු බල සේනා සංවිධානය කෙරේ පෞද්ගලික වෛරයකින් කටයුතු කරන්නෙකුගේ ආධුනික ලියවිල්ලක් බවට පතව ඇති බවයි.
එසේම එම මාධ්‍යය නිවේදනය මගින් පෙනවා දෙන්නේ පාස්කු කොමිසම තහනම් කළ යුතු යැයි අවස්ථා කිහිපයකදීම නිර්දේශ කර සිටියත්එසේ තහනම් කළ යුත්තේ කවර නීතියක් යටතේ දැයි නිශ්චිතව දැක්වීමටවත් මෙම කොමිෂන් සභාව වෘත්තීයමයභාවයක් පළ කොට නොමැති බවයි.
එම මාධ්‍ය නිවේදනය මගින් සිහිපත් කරන්නේ ජනාධිපති කොමිසමට වටලප්පන් සංග්‍රහයක් ද ලබා දීමට පවා සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය නිර්භීතව උත්සාහ කරන ලද බවත් එම අවස්ථාවෙහි සිටි මාධ්‍යවේදීන් හේතුවෙන් එම උත්සාහය රට හමුවෙහි අනාවරණය වූ බවත්ය.
සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...