කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් හා රදගුරු මණ්ඩලය ප්‍රමුඛ කතෝලික සභාව පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප‍්‍රහාරය පිළිබඳව සත්‍ය සාධාරණය ලබාදෙන ලෙස දෙවියන්ට කරන කන්නලව්වක් වශයෙන් ලබන 7 වැනි ඉරිදා කළු ඉරිදාවක් වශයෙන් නම් කිරීමට තීරණය කර ඇති බව වාර්තාවේ.
මේ අනුව දළුගම මීසම පාලක වික්ටර් ජයමාන්න පියතුමා පවසා සිටියේ ලබන ඉරිදා දෙව් මැදුරුවලට පැමිණෙන සියලූම බැතිමතුන් කළු පැහැති ඇඳුමින් සැරසී දෙව් මැදුරුවලට පැමිණිය යුතු බවය.වික්ටර් ජයමන්න පියතුමා වැඩිදුරටත් පවසා සිටියේ පාස්කු ප්‍රහාරය පසුපස සිටින ඝාතකයන් හෙළිකර දෙන ලෙස විපතට පත් ජනතාව වෙනුවෙන් දෙවියන්ට කන්නලව් කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...