දේශීය පුවත්

කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති විසින් නිකුත්කර ඇති 2021 පෙබරවාරි 25 දිනැති අංක. 2216/17 ගැසට් පත්‍රය මගින් හාම්පුතුන් විසින් නියමිත කාලයට පෙර රැකියාව අවසන් කරන සේවකයන්ට හාම්පුතුන් විසින් රුපියල් ලක්ෂ විසිපහක වන්දියක් ගෙවීම ක්‍රියාත්මක කර තිබේ.

සේවය අවසන් කරන අය සඳහා මින් පෙර හාම්පුතුන් විසින් ගෙවිය යුතු වන්දි මුදල වූයේ රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක් වන අතර එය ප්‍රකාශයට පත්කර ඇත්තේ 2005 වසරේදීය.

ඒ අනුව පෞද්ගලික අංශයේ සේවකයන් සහ අර්ධ රාජ්‍ය අංශයට අයත් සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනවල සේවකයන්ට මෙම වන්දි හිමිකම ගැසට් නිවේදනය නිකුත් කළදා සිට ලැබේ.

කොවිඩ් වසංගතය නිසාද පසුගිය කාලයේ හාම්පුතුන් විසින් බොහෝ දෙනකුගේ සේවය අවසන් කර ඇත. එම සිද්ධීන් සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලින් අනතුරුව අදාළ සේවකයන්ටද මෙම ගැසට් නිවේදනය අනුව ඉහත වන්දිය ලබාගැනීමට හැකිවනු ඇතැයි කම්කරු කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍ර කීර්ති පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More