පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කළ ජනාධිපති කොමිසම නිකුත් කළ වාර්තාව සම්බන්ධයෙන් පළවන මාධ්‍යය වාර්තා අතර එම වාර්තාව පදනම් කරගෙන ශ්‍රී ලං නි පය දෙකඩ වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයෙකු අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලං නි ප ය පාස්කු ප්‍රහාර කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් ගෙන ඇත්තේ නොබෙදුනු තීන්දුවක් බවයි. ඒ අනුව ආණ්ඩු පක්ෂය තුළ සිටින උන්නතිකාමී කණ්ඩායම් ශ්‍රී ලං නි පය දිය කර හැරීමේ උවමනාවෙන් මෙවැනි අසත්‍යය පුවත් නිර්මානය කරන බව ඔහු අවධාරණය කළේය.
මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මහලේකම් ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පවසන්නේ පාස්කු ප‍්‍රහාර වාර්තාව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කිරීමේ උපක‍්‍රමයක් කර ගැනීමට යන බවක් දකින්නට තිබෙන බවයි.
මාධ්‍යය වෙත අදහස් දක්වමින් පියදාස මහතා පවසා සිටියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තකු බවට කොමිෂන් වාර්තාවෙන් ප‍්‍රකාශ කිරීමෙන් ඒ බව තහවුරු බවයි.
එහිදී මහාචාර්ය පියදාස මහතා වැඩිදුරටත් අවධාරණය කළේ ආණ්ඩුව වාර්තාවට අනුව කටයුතු කළ හොත් පක්‍ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව නඩුවක් පැවරීම අනිවාර්ය බවයි..
මාධ්‍යයවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහාචාර්යවරයා “පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් වාර්තාව නිකුත් කරමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක හිටපු ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉලක්ක කර ගෙන තිබෙන්නේ පක්‍ෂය විනාශ කර දැමීමේ අරමුණින් බව පැහැදිලියි. මෙම වාර්තාවේ නිගමනය ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායකත්වය දඩයම් කිරීමක් බව ඉතාම පැහැදිලියි. නමුත් ජනතාවට සුවිශාල සේවයක් කළ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විනාශ කිරීමකට ජනතාව ඉඩනොදෙන බව විශ්වාසයි” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...