දේශීය පුවත්

මහනුවර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා අද (28) පෙරවරුවේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමි බැහැදුටු අතර එහිදී උන්වහන්සේ පවසා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමට පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ඇතැම් නිර්දේශ කිසිසේත්ම පිළිගත නොහැකි බවයි.

උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියේ එම ප්‍රහාරය සිංහලයන් විසින් සිදුකර ඇති බවට එම වාර්තාවේ ඇතැම් නිර්දේශවලින් ගම්‍ය වන බවයි.

එහිදී අදහස් දැක්වූ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය ආචාර්ය නාරම්පනාවේ ආනන්ද හිමියන්,

“මේ වාර්තාවට අනුව ජාත්‍යන්තරය පවා වැරදි ආකල්පයක් ඇති කර ගන්න හැකියාවක් තිබෙනවා මෙම ප්‍රහාරය සිංහල බෞද්ධයන් කළ ප්‍රහාර්යක් කියා. පොලිසිය කළ පරීක්ෂණවලදී විවිධ තැන්වලදී ආයුධ සහ පුපුරන ද්‍රව්‍යය අත් අඩංගුවට ගත්තා. නමුත් ඒවා සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් එදා කෙරුණෙත් නෑ පාස්කු කොමිසමෙන් කෙරිලත් නැහැ. පාස්කු කොමිසමේ වාර්තාව තුළ ඒවා හරියට ඉදිරිපත් කරලත් නෑ. ඒ වගේම මේ අන්තවාදීන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධව ඒ ඇති වුණ පසුබිම මේ වාර්තාවේ කොතැනකවත් සඳහන් වන්නේ නැහැ. මෙම ප්‍රහාරය මෙරට සැලසුම් කල එකක් ද නැත්නම් පිටරටක සැලසුම් කල එකක් ද කියා ප්‍රශ්නයක් පැන නගිනවා. එහෙම නම් ප්‍රහාරයේ සෘජු වගකිව යුත්තා කවුද කියලා මේ වාර්තාවේ පැහැදිලි කරලා නෑ. ඒ වෙනුවට මේ වාර්තාව එදා හිටපු ජනාධිපතිවරයයි පොලිස්පතිවරයයි වැරදිකරුවෝ කරල. පසුගිය රජයේ යම් අඩුපාඩුවක් සිදුවී තිබිමේ හැකියාවක් තිබෙනවා. නමුත් පැහැදිලිව ම මේ වාර්තාවේ තියෙන නිගමනයන් ගැන අපිට සතුටු වෙන්න පුළුවන් කමක් නෑ.” යනුවෙන් පවසා සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More