දේශීය පුවත්

ජාතික ආරක්ෂක සහ අනාගත කළාපීය අභියෝගයන් පිළිබඳ සරත් ෆොන්සේකා මහතා විසින් ඔහුගේ මුහුණු පොතේ පහත සඳහන් සටහන තබා තිබුණි.

කළාපීය තත්වයන් හමුවේ නව ජාතික ආරක්ෂක හා බුද්ධි පණතකින් සවිමත්වන ජාතික ආරක්ෂක සැලැස්මකින් තොරව අඳුරේ යන ජනාධිපතිගේ වැඩපිළිවෙල රටට අනතුරුදායකයි!

පාස්කු ප්‍රහාරයේ ජනාධිපති කොමිෂන් වාර්තාව මගින් ප්‍රහාරය එල්ල කලේ කවුරුන්ද යන්න නිශ්චිතවම දක්වා නැති මොහොතක, යලිත් වෙනත් ස්වරූපයකින් එවැනිම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවුවහොත් එය වලක්වා නොගැනීමේ වගකීමෙන් සිරිසේන ජනාධිපතිවරයා මෙන් කර ඇරීමට ඕනෑම ජනාධිපතිවරයෙකුට අවස්ථාව උදා වනු ඇත.

ඒ නිසා කලාපීය වශයෙන් මතුවෙමින් ඇති තත්වයන් හා අන්තවාදී කණ්ඩායම්වල ප්‍රචණ්ඩකාරී හා ජාලගත ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සලකා බැලීමේදී, පවතින යල් පැනගිය බුද්ධි සම්බන්ධීකරණ හා හදිසි ආරක්ෂක සැලසුම් හා ක්‍රමවේද යාවත්කාලින නොකිරීම තුල රටේ හා ජනතාවගේ ආරක්ෂව ගැන පැහැදිලි තක්සේරුවක් නොමැති බව ජනාධිපතිගේ හා ආරක්ෂක ලේකම්ගේ ප්‍රකාශවලින්ද ගම්‍යවේ.

මේ අනුව ඉදිරියේදී රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම හා වගවීම පිලිබඳ කඹ ඇදිල්ල නවතා දැමීමට නම් අවශ්‍ය වන්නේ නව ජාතික ආරක්ෂක හා බුද්ධි පණතකින් සවිමත්වන ජාතික ආරක්ෂක සැලැස්මකින් යුතු වැඩපිළිවෙලකි.

ඒ සඳහා කළ යුත්තේ National Bureau of Strategic Intelligence හා National Intelligence Command Center වැනි අලුත් ආයතන පද්ධතියකින් වගකීම් පැවරෙන නවීන බුද්ධි විශ්ලේෂණ ක්‍රමවේද මත ත්‍රිවිධ හමුදාවේ බුද්ධි ඒකක හා රාජ්‍ය බුද්ධි සේවය අන්තර්ග්‍රහණය කෙරෙන, එම නිළධාරීන්ට නවීන උපායමාර්ගික පුහුණු වැඩසටහන් මගින් නිවැරදි හා කාලනුරූපීව ශක්තිමත් ආරක්ෂක යාන්ත්‍රණයක් සකස් කිරීමයි

– ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More