දේශීය පුවත්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අමනුෂ්‍ය දෝෂයක් ඉවත් කිරීම සඳහා වේවැලකින් පහර දීම හේතුවෙන් මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ නව හැවිරිදි දැරියක් මියගොස් ඇති බවයි.

එම දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බව පවසමින් ඇගේ මව විසින් දේවාලයක් පවත්වාගෙන යනු ලබන කාන්තාවක් වෙත දැරිඅ රැගෙන ගොස් ඇති අතර එහිදී අදාළ කාන්තාව දැරියගේ සිරුරේ තෙල් ආලේප කර වේවැලකින් පහර දීම නිසා දැරිය සිහිසුන්වීම හේතුවෙන් බියගම රෝහලට ඇතුළත් කිරීමේදී නව හැවිරිදි එම දැරිය මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර මීගහවත්ත පොලීසිය ඒ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා;

“9 හැවිරිදි දැරියක් යම් අමනුෂ්‍ය රෝගයකින් පෙළෙන බව ඇයගේ මව විසින් දැනගැනීමෙන් පසුව එයට ප්‍රතිකාර ලබාදීම සඳහා, තම නිවසට ආසන්න නිවසක එවැනි දේ සඳහා ප්‍රතිකාර කරන නිවසක් වෙත රැගෙන ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේ දී අදාළ නිවසේ සිටි කාන්තාවක් එම දැරියට යම් ආකාරයක තෙල් සාත්තුවක් කර අමනුෂ්‍ය රෝගය නැති වීමට වේවැලකින් පහර දී තිබෙනවා. පසුව දැරිය සිහිසුන්ව බියගම රෝහල වෙත ඇතුළත් කිරීමේ දී වෛද්‍යවරුන් පවසා ඇත්තේ දැරිය මියගොස් ඇති බවයි.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More