මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එක්සත් පුරවැසි සංවිධානයේ චමීර පෙරේරා මහතා පවසා සිටියේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ විශ්වසනීයත්වය පිළිබඳව ප්‍රශ්ණ කළවිට කාදිනල් හිමිපාණන්ට ගමේ චණ්ඩින් ලවා චණ්ඩි පාට් දමන බවයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වූ විගසම වත්මන් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව වෙනුවෙන් තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව සඳහන් කළ බව සිහිපත් කල චමීර මහතා ජනාධිපති මැතිවරණ කාල සීමාවේදී මෙම ප්‍රහාරය දේශපාලන වේදිකා වල කරේ තබාගෙන ගිය බව ද පැවසුවේය.
නමුත් ජයග්‍රහණය කිරීමෙන් පසුව කාදිනල් හිමිපාණන්ට මැර බලය, චණ්ඩි බලය දමා උන්වහන්සේව නිහඬ කර මෙම ප්‍රහාරයේ සැබෑ වැරදිකරුවන් සැඟවීමට උත්සාහ ගන්නා බව පැවසු ඒ මහතා තමන්ගේ ප්‍රජාව පිළිබඳව කාදිනල් හිමිපාණන් නොමැතිව වෙන කවුරුන් ප්‍රශ්ණ කරන්න දැයි විමසා සිටියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...