දේශීය පුවත්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේ 12 වන අදියර ඊයේ (27) දින ත්‍රිකුණාමලය කිවුලේකඩ ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත් වූ අතර “වී මිල ඉහළ යාමේ වාසිය ගොවීන්ට හිමිව ඇතැයි” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී පැවසීය.

ඊට සහභාගී වීමට පෙර ජනාධිපතිවරයා ගම්වාසින්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන් සමග සුහද පිළිසඳරක නිරත විය.

ඉන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපතිවරයා,

“කොවිඩ් වසංගතය මේ දවස්වල තියෙන ලොකුම ප්‍රශ්නයක්. අපිට පුළුවන් වුණා සෑහෙන දුරට අනික් රටවල් සමග සංසන්දනය කරාම හොඳට පාළනය කර ගන්නට. දැන් අපි එන්නත ලබාදෙමින් තිබෙනවා. අපි දැනට ගෙනල්ලා තියෙන එන්නත් මිලියනයක් එන්නත්. මම දැන් එනගමන් හාමුදුරුවනේ බැහැලා මම දැක්කා වී. අපි නොමිලේ පොහොර ලබාදුන්නා. එතකොට වී වලට රුපියල් 50ක සහතික මිලක් ලබාදුන්නා. දැන් ගොවියන්ට අවස්ථාව තියෙනවා රු 50ට හෝ ඊට වැඩිය දෙන්න. සමහර තැන්වල මම අහගෙන ආවා රු 52, 53 වගේ දෙනවා. හැබැයි හොඳ මිලක්. සමහර පැතිවල රු 60ටත් වී වික්කා. ඒක කමක් නෑ. ගොවියන්ට සල්ලි එන්න ඕනේ. මේ වගේ දුෂ්කර පළාත්වලට මේ වගේ එන්නේ නෑනේ කවුරුත්. ජනාධිපතිවරු එන්නෙත් නෑ. ඇමතිවරු එන්නෙත් නෑලු. ලේකම්වරුන්ට එන්න වෙලාවකුත් නෑලු. ඒක නිසා තමයි මම එන්නේ. ගම සමග පිළිසඳරක් කියන්නේ ගැටලුම අහන්න විතරක් නෙමෙයි. තමුන්ලාන්සේලා ළඟ තියෙනවා අදහස්. ඒ අදහසුත් අහන්න. ඊයේ මම ගෙදර වවලා තිබුණ කහ සහ ඉඟුරු ගැලෙව්වා. හොඳ ප්‍රමාණයක් ගලවන්න පුළුවන් වුණා. ඒ වගේම කහ වවන ප්‍රදේශවල හොඳ අස්වැන්නක් ඇවිල්ලා තියෙනවා. වෙනදා පිටරටවලින් මේවට බිලියන ගානක් වියදම් කරා. දැන් අපේ ගොවියට මේ මුදල් යන්නේ. ටිකක් ගණන් යයි ඒකට කමක් නෑ. ඒවා යන්නේ අපේ ගොවියන්ට. දුප්පත්කම නැති කරන්න මම වැඩසටහනක් ගෙනාවා ලක්ෂයකට රැකියා දෙන්නට. අපි පළමු 35,000 දුන්නා. ඒ අයගේ පුහුණුව ඉවර වුණ ගමන්ම තවත් 35,000කට දෙන්වා. මම පුළුවන් තරම් මන්ත්‍රීතුමන්ලාට නිළධාරින්ට කියලා තියෙන්නේ දුෂණ වෙන්න නොදී අවශ්‍යම පුද්ගලයින්ට ඒවා ලබා දෙන්න කියලා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More