කොවිඩ් -19 මෘත දේහ භූමදානය/ ආදාහනය පිළිබඳ ගැසට් පත‍්‍රය නිකුත් කළද අදාල මාර්ගෝපදේශයන් නිකුත් වන තුරු එම මෘතදේහ භූමදානයට අවස්ථාව නොලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
ඔහු පවසන්නේ, එම මෘතදේහ භූමදානයට අවශ්‍ය ස්ථාන සොයා ගතයුතු බවත්, එම ස්ථානවල ඇති ජල ධාරිතාව ද සොයා බැලිය යුතු බවත්ය.
අනතුරුව එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මේ සඳහා අවස්ථාව සැලසන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රශ්ණගත සිරුරු භූමදානය කර ගැනීමට අත්‍යවශ්‍යම කෙනෙක් වේ නම්, එතෙක් එම සිරුරු අධි ශීතකරණයේ තැන්පත් කර තැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වැඩිදුරටත් පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...