වියළි කාලගුණ තත්ත්වයත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ ගොස් ඇති බවත් ඉල්ලුමට සරිලන ආකාරයෙන් විදුලි සැපයුම සඳහා විශේෂ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවත් විදුලිබල අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ;
“මේ කාලසීමාව තුළ දෛනික විදුලි අවශ්‍යතාවය ගිගාවෝට් පැය 46කට ආසන්න ප්‍රමාණයක්. වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් එම අවශ්‍යතාවයෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් පමණයි ජලවිදුලි බලාගාරවලින් පද්ධතියට එක්කිරීම සිදුවන්නේ. ඒ වගේම නොරොච්චෝල, ලක්විජය බලාගාරයේ දායකත්වය සියයට 42ක් 43ක් වගේ තත්ත්වයක්. ඒ වගේම සුළං සහ සූර්ය බලාගාරවලිනුත් සියයට 1ක 2ක වගේ දායකත්වයක් පද්ධතියට ලබාදීමක් සිදුවෙනවා. ඉතිරි මුළු අවශ්‍යතාවය වන සියයට 35ක් 38ක් වැනි ප්‍රමාණයක් අනෙතුත් තාප බළාගාරවලින් පද්ධතියට එකතුවීම සිදුවෙනවා.”

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...