දේශීය පුවත්

පෙරේදා (25) දින රාත්‍රී ස්වර්ණවාහිනියේ “රතු ඉර” දේශපාළන සංවාදයට එක්වෙමින් ස.ජ.බ. පාර්ළිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න අවධාරණය කර සිටියේ; පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලු ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් ලබාදී ඇති කරුණු තුළ එම ප්‍රහාරය මෙහෙයවූ මහමොළකරුවන් සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නැතිබවයි.

“මේ ප්‍රහාරයේ මහමොලකරුවන් කවුද කියන එක මම ප්‍රශ්ණ කළේ කොමිසම් වාර්තාව එන්නත් කලින්. එහෙම කිව්වේ ඇයි කියලා C.I.D. යට මාව ගෙන්නලා ප්‍රශ්ණත් කෙරුව. ඇයි එහෙම කිව්වේ කියල ඇහුවා” යයි ප්‍රකාශ කළ මන්ත්‍රීවරයා, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට සහභාගිවන කෙනා එහි නායකයා නොවන බව ජාත්‍යන්තර අත්දැකීම් වලින් තහවුරු වී ඇති හෙයින් ද තමා දේශපාළනය පිළිබඳ අධ්‍යාපනය ලබා ඒ පිළිබඳ දැනීමක් ඇත්තෙකුද වන බැවින් එසේ ප්‍රකාශ කළ බව ඔවුනට දන්වා සිටි බවත් අදාල සැබෑ ම මහා මොලකරුවන් හඳුනා ගැනීම රජයේ ආරක්ෂක අංශවල වගකීම බව C.I.D. යට අවධාරණය කළ බවත් ඔහු හෙළිදරව් කර සිටියේය.

”ඇත්තටම මේ ත්‍රස්තවාදී පිරිස්වලට ආධාර අනුබල දුන්නේ කවුද? මේවා පිටුපස සිටියේ කවුද? කියන වැදගත්ම කාරණා කොමිසන් වාර්තාවේ නැහැ” යයි පැවසු මන්ත්‍රීවරයා, මෙම ප්‍රහාරයේ මරාගෙන මැරෙන ප්‍රහාරකයකු වන අච්චි මොහොම්මදු මොහොම්මදු හස්තුන් නැමැත්තාගේ බිරිඳ වන සාරා නොහොත් පුලස්තිනී රාජේන්ද්‍රන් නැමැත්තිය සැකකාරියක ලෙස කොමිසම හමුවට කැඳවීමටවත් කටයුතු නොකිරීම සැකකටයුතු බව කියා සිටියේය.

මෙම කොමිසම විසින් නිර්දේශකර ඇති පුද්ගලයින්ට එරෙහිව ක්‍රියා කළ යුත්තේ පිළිගත් අධිකරණ ක්‍රියාදාමයක් හරහා පමණක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More