දේශීය පුවත්

සිය පුත්‍රයා වූ මිගාර ගුණරත්න මහතාට පෑලියගොඩ පොලීසියේ දී කළ පහරදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගාලු දිස්ත්‍රික් හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා සඳහන් කර සිටින්නේ සිය පුත්‍රයා ලබන මස නීති අවසන් විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි බවත් මේ වන විට සිය පුත්‍රයාට අමානුෂික ලෙස පහර දුන් පොලිස් නිළධාරීන් 8 දෙනෙකුට අධික සංඛ්‍යාවක් හඳුනාගෙන තිබෙන බවත්ය.

සිය පුත්‍රයාට වූ දෙය තවත් කෙනෙකුට සිදු නොවිය යුතු බව පෙන්වා දෙන ගුණරත්න මහතා මේ සිද්ධියට සම්බන්ධපොලිස් නිළධාරීන්ට එරෙහිව ලබා දිය හැකි ඉහලම දඬුවම ලබාදීමට තමා කටයුතු කරන බවද ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

පහරකෑමට ලක් වූ පුත්‍රයා මෙන්ම වෘත්තියෙන් නීතිඥයකු වන තම අනිත් පුත්‍රයාද විනය ගරුක පුරවැසියන් බවත් ඔවුන් සමාජය තුළ කිසිවිටෙකත් ප්‍රශ්න ඇති කර ගත් පුද්ගලයින් නොවන බවත් ගුණරත්න මහතා අවධාරණය කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More