දේශීය පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පෙබරවාරි 23 අඟහරුවාදා භාරදුන් 2019 අප්‍රේල් 21 දින සිදුවූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කොට, පරීක්ෂා කොට වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව මේ වන විට පාර්ලිමේන්තු පුස්තකාලයට ලබා දී තිබේ.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් පත් කරන ලද එම කොමිසමින් ඔහු ඇතුළු කිහිපදෙනෙකුට එරෙහිව දණ්ඩ නීති සංග්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම පිළිබඳ නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බවට නිර්දේශ කර ඇති බව ඇතැම් මන්ත්‍රීවරුන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කර ඇති වාර්තාවේ නිර්දේශ දැක්වෙන පිටු වල දැක්වේ.

පාස්කු ඉරුදින ප්‍රහාරයේ දේශපාලන වාසිය ලබා ගත් පුද්ගලයන් විසින් යම් යම් කාරනා‌ යට ගසමින් තිබෙන බවට සැක මතුවී තිබෙන බව පවසන නිරෝෂා අතුකෝරල හිටපු පළාත් සභා මන්ත්‍රීවරිය තව දුරටත් සඳහන් කළේ ප්‍රහාරකයා සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් නොමැති බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More