ක්‍රීඩා පුවත්

ජුනි මස 7 වැනිදා සිට 10 වැනිදා දක්‌වා ජපානයේ ගිෆුහි පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා වන 12 දෙනෙක්‌ගෙන් යුත් ශ්‍රී ලංකා කණ්‌ඩායම නම්කර තිබේ.

ඉකුත්දා පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී සහ දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා බාලක බාලිකාවෝa දක්‌වන ලද දක්‌ෂතා පදනම් කරගෙන මෙම කණ්‌ඩායම නම් කරන ලදී.

කෙසේ නමුත් ද. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100ඞ4 ඉසව්වෙන් වසර 24 ක්‌ පැරණි ජාතික කනිෂ්ඨ වාර්තාවක්‌ (තත්. 46.23) පිහිටවූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සිව්දෙනා මෙම කණ්‌ඩායමට ඇතුළත් ව නොතිබීම අවධානයට යොමුවන කරුණක්‌ වී තිබේ.

දිගින් දිගටම මාධ්‍ය මගින් වැරදි පෙන්වා දෙමින් දොaෂයට ලක්‌කළ ද. ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කණ්‌ඩායමේ හිටපු කළමනාකරු අනිල් වීරසිංහ ජපාන සංචාරයේත් කළමනාකරු වශයෙන් පත්කර තිබීම හාස්‍ය දනවන කරුණක්‌ බවට මේ වනවිට පත්ව ඇත.

ශ්‍රී ලංකා කණ්‌ඩායම

බාලක – අරුණ දර්ශන (මීටර් 200, 400, 400ඞ4), පසිඳු කොඩිකාර (මීටර් 400, 400ඞ4), පබසර නිකූ (මීටර් 400, 4ඞ400), රවිශ්ක ඉන්ද්‍රජිත් (මීටර් 400ඞ4), හර්ෂ කරුණාරත්න (මීටර් 800, 4ඞ400), තරිඳු දසුන් (උස පැනීම)

බාලිකා – අමාෂා ද සිල්වා (මීටර් 100, 200, 400ඞ4), දිල්ෂි කුමාරසිංහ (මීටර් 400, 800, 400ඞ4), සචිනි දිව්‍යාංජලී (මීටර් 400ඞ4), රොමේෂි අත්තිඩිය (මීටර් 400ඞ4), සඳුමිණි චවිප්‍රභාවී (මීටර් 400ඞ4), රිද්මා නිෂාදි (දුර)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More