දේශීය පුවත්

නව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි අද (26) කළුතරදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පවසා සිටියේ; ඥානසාර හිමියන්ගේ ප්‍රකාශ දෙකක් දක්වමින් බොදු බල සේනා සංවිධානය ඉලක්ක කිරීමට කටයුතු කර ඇති පාස්කු කොමිසම සහරාන් පිළිබඳව තොරතුරු ඇතුලත් ලිපිගොනු සැඟවීමට කටයුතු කල නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වන අසාද් නවාවී සහ මලික් අසීස් ට විරුද්ධව අපරාධ චෝදනා නැගීමට අසමත් වී ඇති බවයි.

බෝම්බ ගැහුවේ ඥානසාර හිමිගේ ප්‍රකාශ දෙක නිසාද? නොඑසේනම් 2017 ලැබුණු සහරාන්ගේ ලිපිගොනුව සැඟවීම නිසාද? කියා කොමිෂන් සභාවෙන් ප්‍රශ්න කර සිටින බවත් කොමිෂන් සභාව කාවද මේ රකින්න උත්සාහ කරන්නේ? යැයි සුදත්ත හිමියෝ වැඩිදුරටත් ප්‍රශ්ණ කර සිටියේය.

සහරාන් සමග සෘජුව හා වක්‍රව ගනුදෙනු කල දේශපාළකයන්ට විරුද්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් සහරාන්ලට දේශපාලන අනුග්‍රහය, මුල්‍ය අනුග්‍රහය ලබා දුන් පුද්ගලයින්ට විරුද්ධව කිසිදු නිර්දේශයක් නොමැති බවත් සුදත්ත හිමියෝ වැඩිදුරටත් පැවසීය.

ජනාධිපති කොමිෂන් සභාවේ දෙකයි පනහේ නිර්දේශ කුණු කූඩයට දමන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ විමර්ශන නිළධාරීන්ට මේ පිළිබඳව පරීක්ෂණ කිරීමට අවස්තාව ලබා දෙන ලෙසත් සුදත්ත හිමියෝ මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින ලදී.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More