කොවිඩ් – 19 සමූහ එන්නත්කරණ වැඩසටහන යටතේ ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම රට තුළ සිදුකරගෙන යන තත්වයක් යටතේ දෙරණ පුවත් සේවය වාර්තා කර තිබූ; වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාගේ පහත ප්‍රකාශය කෙරෙහි ලංකා ලීඩ් කණ්ඩායමේ අවධානය යොමු වී ඇත.
කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමෙන් පමණක් කොවිඩ් වෛරසයෙන් සම්පුර්ණයෙන් ආරක්ෂා වියහැකි බවට මෙතෙක් සාධක කිසිවක් ඉදිරිපත් වී නොමැති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.
“මේ දක්වා සියයට සීයක්ම අපිට සාධක නෑ, මේ එන්නත ලබාදුන් පමණින්ම කෙනෙකුට මේ රෝගය වැළඳීම සම්පූර්ණයෙන්ම නැතිවෙනවා.., එයා සම්පූර්ණයෙන්ම රෝගයෙන් ආරක්ෂිතයි කියලා. වැදගත් දේ තමයි එන්නත ගත්තු සියලුම දෙනාත් එන්නත නොගත්තු සියලුම දෙනාත් අපි මේ අනුගමනය කරන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ග දිගින් දිගටම පිළිපදින එක. එන්නත ලබා ගත්තා කියලා ඒවා ලිහිල් කරන්න හැකියාවක් නෑ.” යනුවෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
ඔහු වැඩිදුරටත් පැවසූවේ, “දුම්පානය සහ මත්පැන් පානය කිරීමෙන් සියලුම ජනතාව වැළකිය යුතුයි. ඒවා අපේ සෞඛ්‍යට සුදුසු නෑ. නමුත් එන්නත් ලබාගැනීමේදී, ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ මේ ඖෂධ නිෂ්පාදනය කළ පර්යේෂණ ආයතන හෝ වෙනත් විශේෂඥ වෛද්‍යවරු හෝ කිසිම කෙනෙක් කොහෙවත් කියලා නෑ එන්නත ලබාගැනීමට මත්පැන් පානය කිරීම හෝ දුම්පානය කිරීමේ පුරුදු පැවතීම එන්නත ලබාගැනීමට යම්කිසි විදිහකින් බාධාවක් කියලා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...