පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය විමර්ශනය සඳහා පත්කල ජනාධිපති කොමිෂන්සභාවේ වාර්ථාවේ අන්තර්ගතය හා නිර්දේශ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස්පක්ෂයේ සමස්ත ලංකා විධායක සභාව විසින් ඒකමතිකව සම්මත කර නිවේදනයක් නිකුත් කර තිබේ.
එමගින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව පෙන්වා දෙන්නේ,ත්‍රස්තවාදීන් විසින් කරනු ලබන ත්‍රස්ත ක්‍රියාවන් පිළිබඳව ලොව පුරා පිළගත් වගකීම් පිළිබඳ ඇති සම්ප්‍රදායන් අනුව රාජ්‍ය නායකයින් හෝ දේශපාලන අධිකාරීන්ට එරෙහිව සාපරාධි අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමේ නීතිමය සම්ප්‍රදායක් නොමැති බවත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉලක්ක කර ගනිමින් කරනු ලබන මෙවැනි ක්‍රියාවන් තුලින් අනාගතයේ දී ඕනෑම රාජ්‍ය නායකයෙකුට එරෙහිව සාපරාධි චෝදනා ගෙනඒමේ පූර්වාදර්ශයක් ස්ථාපිත වන බවත් එය ඉතා භයානක හා අදූරදර්ශී ක්‍රියාවලියක් බවයි.
ඒ අනුව මාධ්‍යය නිවේදනය මගින් පවසා සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරියේදී මෙම වාර්තාව පිළිබදව ගැඹුරු අධ්‍යයනයක් කොට ඒ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරණ බවත් 1978 වසරේ මෙරටට හදුන්වාදුන් ජනාධිපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ප්‍රථම වතාවට මානව නිදහස ප්‍රජාතන්ත්‍රවාදය ලාංකික සමාජයට හදුන්වාදෙමින් යහපත් නිදහස් සමාජයක් මෙරට ස්ථාපිත කිරීමට බිහිවු ප්‍රථම ගැමි ගොවි නිර්ප්‍රභූ ජන නායකයාවන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පිළිබඳව කර ඇති නිර්දේශ තරයේම ප්‍රතික්ෂේප කරන අතරම කොමිසමේ නිර්දේශ බහුතරයක් ප්‍රතික්‍ෂේප කරන බවයි.
සම්පූර්ණ මාධ්‍යය නිවේදනය..
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...