මෙවර රාජ්‍ය වෙසක් උත්සවය උතුරු හා නැගෙනහිර පළාත්වල විහාරස්ථාන 65ක් හා දහම් පාසල් 35ක් සම්බන්ධ කරගනිමින්; නාගදීප රජ මහා විහාරය කේන්ද්‍ර කොට පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී උපදෙස් දී තිබේ.
ඊට අදාළ කටයුතු සංවිධානය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහාතාට උපදෙස් දී තිබේ.
මෙවර රාජ්‍ය වෙසක් උත්සවයේ විශේෂත්වය වනුයේ සම්ප්‍රදායක වෙසක් උත්සවයකින් වෙනස් වී අනෙකුත් ආගම් සමඟ එක්ව රාජ්‍ය වෙසක් උත්සවය සංවිධානය කිරීමට තීරණයවීමය.
උතුරු පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක, නාගදීප විහාරාධිපති ආචාර්ය ධර්මකීර්ති ශ්‍රී නවදගල පදුමකිත්ති නාහිමි, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමි, සමස්ත ලංකා ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී ගෝනදූවේ ගුණානන්ද නාහිමි, මල්වතු පාර්ශ්වයේ මාතර හම්බන්තොට දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අග්‍රහැරේ කස්සප නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩමකර සිටියහ.
මේ අතර කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වන වාර්ෂික නවම් මහා පෙරහැර අද (26) පස්වරු 7.00ට විථී සංචාරය කිරීමට නියමිතය.
රට තුළ පවතින තත්ත්වය හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් මෙවර පෙරහැර නැරඹීම ජනතාවට සීමාකර පෙරහැර අංග ද සීමාකර ඇති බව විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජි හිමියන් සඳහන් කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...