දේශීය පුවත්

ඊයේ(25) හිරු රූපවාහිනියේ පැවති බලය වැඩසටහනට එක්වෙමින් ශ‍්‍රීලනිපය ආණ්ඩුවේ රදවා ගෙන ආණ්ඩුවේ 2/3 රැක ගැනීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට නීතිය ක‍්‍රියාත්මක නොකර සිටින්නේ නැතැයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අවධාරණය කළේය.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ පාස්කු බෝම්බ කොමිසමෙන් නිර්දේශ කර ඇති පරිදි මෛත්‍රීපාල සිරිසේන මහතාටත් නම් කර ඇති සෙසු පුද්ගලයන්ටත් නීතිය ක්‍රියාත්මක කරන බවත් මෙම ආණ්ඩුවේ 2/3 රැකගැනීමට ඔවුනට නීතිය ක‍්‍රියාත්මක නොකලහොත් ඊළඟ මැතිවරණයේදී ආණ්ඩුවේ 2/3 අහිමි වනු ඇති බවත් ඔහු අවධාරණය කළෙය.

දිලුම් අමුණුගම අමාත්‍යයවරයා තවදුරටත් අදහස් දක්වමින් රජය පත් කිරීමට ඡන්දය ලබා දුන් ජනතාවගේ එක් බලාපොරොත්තුවක් වූයේ පාස්කු ප්‍රහාරයේ වරදකරුවන්ට දඬුවම් දීම බවද පවසා සිටියේය.

මේ සම්බන්ධයෙන් ලංකාලීඩ් වෙත අදහස් දැක්වූ නම සඳහන් කරනවාට අකමැති වූ ප්‍රසිද්ධ හිමි නමක් පවසා සිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරය වලක්වා නොගත් රාජ්‍යය නායකයා මිස ප්‍රහාරය පිටුපස සිටි අන්තවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් කෙනෙකු නොවන බවයි. ඒ අර්ථයෙන් බලන විට චන්ද්‍රිකා කුමාරණතුංග හිටපු ජනධිපතිවරියත් ත්‍රස්ත ප්‍රහාර වලක්වා නොගත් රාජ්‍යය නායිකාවක් වන බවද උන් වහන්සේ පවසා සිටියහ.

තවදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ , මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ දූර කාලය තුළ කීර්තිමත් අමාත්‍යයවරයෙකු වූ ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මහතා ඇතුළු විශාල පිරිසක් ඝාතනය කරනු ලැබු බව පෙන්වා දුන්නෝය.  ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් තනතුර දරද්දී කොටි ත්‍රස්තයන් ඔහු ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා පමණක් නොව ඔහුගේ යුද හමුදාපතිවරයාට යුද හමුදා මූලස්ථානයේදීම මරාගෙන මැරෙන ප්‍රහාරයකට ලක් කළ බවද උන්වහන්සේ අවධාරණය කළෝය.

උන්වහන්සේ තවදුරටත් පවසා සිටියේ බහුතර සිංහල බෞද්ධ ඡන්දයෙන් පත්වූ වත්මන් ආණ්ඩුව මෙහෙයවන නායකකාරකාදීන් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවා අන්තවාදීන්ට කප්පම් ලබාදී ඊළඟ ආණ්ඩුව තුනෙන් දෙක හදා ගැනීමේ මරි මෝඩ මෙහෙයුමක සිටින බවයි.

එහිදී උන්වහන්සේ අවධාරණය කර සිටියේ 2015ට පෙර අන්තවාදී මුස්ලිම් නායකයන්ට කප්පම් ලෙස විල්පත්තුව පවා විනාශ කිරීමට ඉඩ දී බලා සිටි ඔය කියන “මහ දැන මුත්තලා” කළ විනාශය නිසා වන්දිය ගෙවීමට සිදු වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා ඇතුළු සමස්ත ජනයාට බවයි.

මෛත්‍රීපාලට දඬුවම් දෙනවාද රජය රැකගන්නවාද ? දිලුම්ට ආ දුරකථන ඇමතුම



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More