දේශීය පුවත්

එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ කොල්ලූපිටිය පස්වන පටුමගේ පිහිටි ඒ මහතාගේ නිවසේ දී ඊයේ (25) දින පෙරවරුවේ රැස් වූ එජාප ජ්‍යෙෂ්ඨයන් හමුවේ අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ; පාස්කු ඉරිදා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව “එක රටක් එක නීතියක්” නමැති ජනාධිපතිවරයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය මෙන් හිස් ලියැවිල්ලක් බවට පත් කළ එකක් බවයි.

පාස්කු ප‍්‍රහාරය එල්ල වූ දිනයේ ආරක්ෂක අංශ සියල්ල මෙහෙයවා දෙවැනි සහ ඉදිරි ප‍්‍රහාර වැළැක්වීමට ගත් පියවර කිසිවක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතුළත් නොවීම විශාල අඩුවකැයිද එජාප නායකයා පවසා ඇත.

එක රටක් එක නීතියක් ක‍්‍රියාත්මක කිරීම මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුදු දහමට දී තිබෙන ප‍්‍රමුඛස්ථානය අහෝසි කරන්නට ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරන්නේ දැයි ප‍්‍රශ්න කළ රනිල් වික‍්‍රමසිංහ මහතා, කොමිසම නිර්දේශ කරන ආකාරයට ජාතීන් වශයෙන් ඉඩම් බෙදීමක් ප‍්‍රායෝගිකව සිදුකරන්නේ කෙසේදැයි විමසීය.

මෙයට අමතරව දහම් පාසල් පාලනයට යෝජනා කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමට දැයි ඒ මහතා ප‍්‍රශ්න කර සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීය. ”සිංහල හින්දු අලූත් අවුරුද්දට පෙර 2019 අපේ‍්‍රල් මස 9 වැනිදා රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ප‍්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලැබුණු කිසිදු තොරතුරක් පිළිබඳව කතා කළේ නැහැ. සියලූම හමුදා ප‍්‍රධානීන්, රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් ඇතුළු රටේ ආරක්ෂාව සම්බන්ධ සියලූ දෙනා රැස්වූ එම රැස්වීමේදී හෙළි නොකළ කරුණු ඊට පසුව සාකච්ඡා කළා දැයි සිතිය නොහැකියි”.

ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවේ අලුතින් කිසිවක් සඳහන් කර නැහැ. එය නිකන්ම නිකන් එක රටක් එක නීතියක් ලෙස සඳහන් දේශපාලන පක්ෂ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය වගේ.

උඩරට නීතිය අහෝසි කරන්න ජනාධිපති කොමිසම නිර්දේශ කරනවා. ජාතීන් වශයෙන් සලකා ඉඩම් බෙදීම ප‍්‍රායෝගිකද? දහම් පාසල් පාළනයක් ගෙන එන්න හදන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධූරය අහෝසි කිරීමටයි.

ප‍්‍රහාරය එල්ල වූ 2019 වසරේ සියලූ ආරක්ෂක ප‍්‍රධානීන් සමඟ අපේ‍්‍රල් නම වැනිදා පැවැති ආරක්ෂක රැස්වීමේදී ප‍්‍රහාරය පිළිබඳ කරුණු හෙළි කළා නම් මුස්ලිම් ඇමැතිවරුන් කැඳවා කුමන හෝ සිද්ධියක් ඇති වුණේ නම් එහි වගකීම භාරගත යුතු බව අපට දැනුම් දීමට පුළුවන් කම තිබුණා. එසේම ඒ අවස්ථාවේදී ප‍්‍රහාරයක තොරතුරු දැනගෙන සිටියේ කවුරුන් දැයි හෙළි කිරීමටද හැකියාව තිබුණා. පළමු ප‍්‍රහාරය එල්ල වී සුළු වේලාවකට පසුව අගමැති ලෙස මම බලෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයට ගොස් ආරක්ෂක ප‍්‍රධානීන් කැඳවා දෙවැනි සහ ඉදිරි ප‍්‍රහාර එල්ල වීම වැළැක්වූවා’’
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More