දේශීය පුවත්

ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනී මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය ප්‍රංශයේ ඉන්දියානු තානාපතිවරයා පැරිසියේ පිහිටි ඉන්දියානු තානාපති කාර්‍යයාලයේදී හමු වූ අවස්ථාවේදී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති තම කැමැත්ත ප්‍රංශයේ ඉන්දියානු තානාපති ජාවෙඩ් අෂ්රෆ් මහතා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ශ්‍රී ලංකාව විසින් ඉන්දියාව තම “වැඩිමහල් සහෝදරයා” ලෙස දකින බව මහාචාර්ය ශානිකා හිරිඹුරේගම මහත්මිය අවධාරණය කළ අතර තානාපතිවරුන් දෙපළ, ප්‍රංශය සමඟ ඇති සිය සබඳතා පිළිබඳව මෙන්ම, ෂඩාස්‍රය හෙවත් ප්‍රංශය සමඟ හවුල්කාරිත්වය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට කටයුතු කළ හැකි සහයෝගීතා ක්ෂේත්‍රයන් පිළිබඳව ද තවදුරටත් අදහස් හුවමාරු කර ගැණින.

ශ්‍රී ලංකාව, දූපතක් වීම හා ප්‍රංශය සමුද්‍රීය රටක් වීම නිසා සාගරය අවට ව්‍යාපෘති සංවර්ධනය කිරීම අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් වනු ඇති බවත් සාගර ආර්ථිකය, තිරසර ශක්තීන් සහ ජෛව විවිධත්ව ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘති සඳහා ඉන්දියාව කැපවන බවත් ජාවෙඩ් අෂ්රෆ් මහතා එහිදී සහතික කළේය. ඉන්දියාව සහ ප්‍රංශය, 2021-22 වසර ඉන්දු-ප්‍රංශ පාරිසරික වර්ෂය ලෙසින් හඳුන්වා දී ඇති බව එතුමා වැඩිදුරටත් පවසා සිටියේය. ශ්‍රී ලංකාව සතුව පාරිසරික වශයෙන් සාකච්ඡාවට බඳුන් කළ යුතු කරුණු ගණනාවක් ඇතැයි තමන් විශ්වාස කරන බවද සඳහන් කරමින්, සෑම සංචාරයකදීම ශ්‍රී ලංකාවේ පිරිසිදු හරිත වටපිටාව පිළිබඳව තමන් තුළ පැහැදීමක් ඇති වූ බව ද ඉන්දීය තානාපතිවරයා ප්‍රකාශ කළේය.

අනතුරුව ඔවුහු, ප්‍රංශය සමඟ තම තමන්ගේ විද්‍යාත්මක සහයෝගීතාවය පිළිබඳව සහ ප්‍රංශයේ විද්‍යාත්මක පර්යේෂණ සඳහා වූ ප්‍රංශ ජාතික මධ්‍යස්ථානය (CNRS) සහ ප්‍රංශ සංවර්ධන ඒජන්සිය (AFD).වැනි ප්‍රංශයේ සුප්‍රසිද්ධ ආයතන කිහිපයක් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවස්ථා පිළිබඳව සිය අදහස් හුවමාරු කර ගත්හ.

එළඹෙන ගිම්හාන කාලය වන විට යම් අභිවෘර්ධියක් ඇති වේ යැයි යන අපේක්ෂාව සමඟින්, කෝවිඩ්-19 තත්ත්වය පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරුණු අතර එන්නත් කිරීමේ වැඩසටහන ඉතා උනන්දුවෙන් ආරම්භ කිරීමට හැකි වන පරිදි, ශ්‍රී ලංකාවට එන්නත් පරිත්‍යාග කිරීම පිළිබඳව තානාපතිනි හිරිඹුරේගම මහත්මිය ඉන්දීය තානාපතිවරයාට සිය කෘතඥතාව ද පළ කළාය.

මහත්මා ගාන්ධි මහතාගේ සේයාරුවක් අභියස තානාපතිවරුන් දෙපළ ඡායාරූපයකට පෙනී සිටීමෙන් හා අනාගත සහයෝගීතාවය ශක්තිමත් කිරීමට දෙපාර්ශවයේම අභිලාශය යළි තහවුරු කරමින්, මෙම හමුව අවසන් විය.

තොරතුරු පහත ලින්ක් එකෙන්

https://www.srilankaembassy.fr/index.php/en/page/596-ambassador-kshanika-hirimburegama-meets-ambassador-india



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More