දේශීය පුවත්

සමස්ත රටම නියෝජනය කරමින් ඡන්දය ලබාගත හැකි ජන නායකයෙක් බිහි වී නැති නිසා 2020දී ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැකි හොඳම තරගකරුවා වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා බව ශ්‍රී ලංකා නිදහස් තරුණ වෘත්තීයවේදීන්ගේ සංවිධානයේ විධායක සභික නීතිඥ රජික කොඩිතුවක්කු පවසයි.

ඒ මහතා මේ බව පැවැසුවේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේදී ඊයේ (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමිනි.
එහිදී අදහස් දක්වමින් හෙතෙම වැඩිදුරටත් මෙසේද පැවැසීය.

මඩකළපුවේ පැවැති මැයි දින රැලියේදී ජනාධිපතිවරයා විවෘත ප්‍රකාශයක් සිදු කළා 2020දී විශ්‍රාම යන්නේ නෑ කියලා. 2015දී මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක් ප්‍රතිපත්තිය යටතේ එතුමා දුන් පොරොන්දු 90%ක් පමණ මේ වන විට ඉටු කර හමාරයි.
එදා 2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී එජාපයත් පොරොන්දු වුණා විධායක ක්‍රමය අහෝසි කරනවා කියලා. ඒකට බහුතර ඡන්දයක් ලැබුණේ නෑ. 2015 ජනාධිපතිවරණයේදී මෛත්‍රි පාලනයක් යටතේ විධායක ක්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් ජනවරම ලැබුණා.

පසුගිය දවස්වල මේ ජනාධිපති ධුරය ඉවත් කිරීමට කෙරෙන ප්‍රකාශය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වවලින් අදහස් ප්‍රකාශ වුණා. ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම පිළිබඳ කරුණු කාරණා ජනාධිපතිතුමා අස්ගිරි-මල්වතු පාර්ශ්වයේ මහ නායක හිමිවරුන්ට පැහැදිලි කලා. දැන් පවතින ජනාධිපති ධුරය සඳහා පත් කළ හැක්කේ කවුරුන්ද කියන තර්කය මතු වෙනවා. හිටපු ජනාධිපතිවරුන්ට පත් වෙන්න බෑ. ඒ වගේම දේශපාලන කාලය තුළ අපිට කිසිදු තරගකරුවෙක් තවම පේන්න නැහැ. සම්පූර්ණ රටම නියෝජනය කරමින් ඡන්දය ලබාගත හැකි ජන නායකයෙක් බිහි වී නැති බව අපේ විශ්වාසයයි. ඒ නිසා හොඳම තරගකාරයා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා බව අපි විශ්වාසයෙන් කියනවා.

ජනතා විමුක්ති පෙරමුණ ගෙනෙන 20 වැනි සංශෝධනයේදී ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ වගන්තියක් නෑ. ජනාධිපති ධුරයේ බලතල අඩු කිරීම සම්බන්ධ කාරණා සාකච්ඡා කොට තිබෙනවා.

මේ රටේ තිබෙන දේශපාලන, සමාජ, ආර්ථික තත්ත්වය මත විධායක ජනාධිපති ක්‍රමය යම් යම් සීමාවන්ට යටත්ව තිබිය යුතු බව ඔවුන්ගේ අදහසයි.

අපේ පක්ෂයේ සිටි මැති ඇමැතිවරු 16 දෙනෙක් විපක්ෂයට ගියා. එදා දයාසිරි ජයසේකර මන්ත්‍රිතුමා එජාපයෙන් පාර්ලිමේන්තුවට ඇවිත් මහ ඇමැති ධුරයට තරග කළේ එජාප මන්ත්‍රි ධුරය ඉල්ලා අස් කරගෙනයි. එතුමා එදා ප්‍රකාශයක් කළා එජාපයට අයිති දේ නැවත එජාපයට ලබා දුන්නා කියලා. ඒ නිසා අපි වෘත්තිකයන් හැටියට වගකීමෙන් කියන්නේ ඩිලාන් පෙරේරා, එස්.බී. දිසානායක, ලක්ෂ්මන් යාපා, තිලංග වගේ ජනාධිපතිගේ අනුකම්පාවෙන් ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට ඇවිත් මහා ලොකු කතා කියනවාට වඩා හොඳයි ඔය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර ජනාධිපතිටම භාරදීලා නැවත ජනතාව එක්ක කතා කරගන්න කියලා.

ජනාධිපතිවරයා තමන් සමඟ වැඩ කරන්න පුළුවන් නියෝජිතයෝ ලෙස විශ්වාස කරල තමයි එතුමාට තිබෙන බලතල අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් ලබා දුන්නේ. ඒ මන්ත්‍රි ධුර ලබාගෙන සියලු වරප්‍රසාද භුක්ති විඳලා තම අභිමතාර්ථ ඉටු කරගෙන නැවත පිට හරවලා ජනාධිපතිතුමාට එරෙහිව කටයුතු කරන්නයි හදන්නේ. අපි ඒකට විරුද්ධයි.

අල්ලසට, දූෂණයට එරෙහිව කටයුතු කරන ජනාධිපතිතුමා පසුගිය දිනෙක තම කාර්ය මණ්ඩල ප්‍රධානියා අල්ලස් චෝදනාවක් යටතේ අත්අඩංගුවට ගත් විට සෘජුව කටයුතු කරන්න උපදෙස් දුන්නා. පසුගිය කාලේ කුප්‍රකට ආරංචියක් තමයි නිමල් ලන්සාගේ ගෙදරට එස්.ටී.එෆ්. එක ගිය වෙලාවේ මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයෙන් ගිහින් නිමල් ලන්සාව බදා ගත්තා.

එස්.ටී.එෆ්. එක ආපහු ආවා. වැඩෙත් ඉවරයි. එහෙමයි නීතිය ක්‍රියාත්මක වුණේ. නමුත් දැන් තමන්ගේ සහෝදරයා රිමාන්ඩ් කරන්න උපදෙස් දුන් ජනාධිපතිවරයා තමන්ගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා බේරා ගන්න කටයුතු කළේ නෑ. මේ කාරණා නිසාම තමයි 2020දීත් ජනාධිපති අපේක්ෂකයා ලෙස මෙතුමා ඉදිරිපත් විය යුතුයි කියන ස්ථාවරය දරන්නේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More