ප‍්‍රධාන පුවත්

තායිවාන බැංකුවක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලිට්රෝ ගෑස් ශ්‍රී ලංකා සමාගමේ සභාපති ශලීල මුණසිංහ ලබන ඔක්තෝබර් 25 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද(11) නියෝග කළේය. මෙම සොරකමට සම්බන්ද අනෙක් ශ‍්‍රී ලාංකිකයාද මේ වන විට රක්‍ෂිත බන්ධනාගාර කොට ඇති අතර ඉන්දියන් ජාතිකයන් දෙදෙනකු මේ වන විට මෙරටින් පලා ගොස් ඇති බව වාර්තාවේ.

ෂලීල්ගේ ඉන්දියන් හවුල් සැකකරුවෝ රටින් පැන යති

තායිවානයේ බැංකුවක ගිණුම්වලට නීත්‍යානුකූල නොවන අන්දමට ඇතුළු වී (හැක්‌ කර) ඩොලර් මිලියන හැටකට අධික මුදලක්‌ ලබාගැනීමේ සිද්ධියට සම්බන්ධ ශ්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දීය ජාතිකයන් දෙදෙනකු හොර රහසේම රටින් පලාගොස්‌ ඇති බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් හෙළි වී ඇත.

මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් ලිට්‌රෝ ගෑස්‌ සමාගමේ සභාපතිවරයා සහ හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගේ පුත්‍රයෙක්‌ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටිති.

මෙම සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ ඉන්දීය ජාතිකයන් දෙදෙනා මීට දින කීපයකට පෙර රටින් පලාගොස්‌ ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.

හිටපු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියාගේ පුත්‍රයාට අයත් රොස්‌මිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයකදී මොවුන් වංචා කරන ලද මුදල්වලින් කොටසක්‌ බෙදාගෙන ඇති අතර ඊට ඉන්දියානු ජාතිකයන් දෙදෙනා ද එකතු වී සිටි බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

 

ලිට්රෝ සභාපති පිටුපස සිටින එජප ප්‍රබලයා කවුද?

රුපියල් කෝ 32 ක පමණ මූල්‍ය වංචාවක් කොට අත්අඩංගුවට ගෙන සිටින ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති පිටුපස සිටින ප‍්‍රභල එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයා කවුද යන්න බෝහෝ දෙනාගේ පැනය වී තිබේ.

තායිවාන බැංකුවක පරිගණක ජාලයට ඇතුල්වී ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක පමණ මුදලක් වංචා කිරීමේ චෝදනාව එල්ලවී ඇති ලිට්රෝ සභාපති ෂලීල මුණසිංහ මහතා ඊයේ රාත්‍රිෙය්  අත්අඩංගුවට  ගැණිනි. මේ සම්බන්දයෙන් පසුගිය 07 වනදා තවත් අයෙක් අත්අඩංගුවට ගන ලැබීය. ඔහු ඇමෙරිකානු උපාධිධාරියෙකු වන අතර මෙරට ව්‍යාපාරයන්හි නිරත අයෙකි.

අත්අඩංගුවට ගනු ලැබූ ලිට්රෝ සභාපති ෂලීල මුණසිංහ මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නැමති දේශපාලන පක්ෂයේ සභාපතිවරයාද වේ. සරත් ෆොන්සේකා මහතා 2010 දීත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා 2015 දීර් ජනාධිපතිවරණය ස`දහා ඉදිරිපත් වූයේ සංසයා ලකුණ දරන මෙම පක්‍ෂයෙනි. 2015 ජනවාරියේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්වූ පස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ෂලීල මුණසිංහ මහතා ලිට්රෝ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.
ෂලීල මුණසිංහ මහතා සභාපතීත්වය දරණ නව ප‍්‍රජාතාන්ත‍්‍රවාදී පෙරමු පාලක එක්සත් ජාතික පෙරමු‍ෙණ් සාමාජික පක්‍ෂයකි.
මේ අතර මෙම වංචාව සමම්බන්ධයෙන් පරීක්‍ෂණ සදහා තායිවාන ආණ්ඩුවේ නිලධාරීන් පිරිසක් ඉදිරි දින කීපය තුළදී මෙරටට පැමිණීමටද නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More