දේශීය පුවත්

මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (‍COPE – කෝප්) කමිටුව පසුගිය 23 වන දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව ය‍ටතේ ක්‍රියාත්මක වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම සහ ලිට්රෝ ටර්මිනල් ලංකා යන ආයතනයන් විගණකාධිපතිවරයාගේ දැනුම් දීම නොසලකා පුද්ගලික ආයතනයක් හරහා විගණන කටයුතු සිදු කිරීම අවධානයට ලක්විය.

එම ආයතන දෙකට අදාළ විගණන කටයුතු සිදු කිරීමට විගණකාධිපතිවරයාට බාධාවක් නොමැති බව නීතිපතිවරයා විසින් උප‍දෙස් ලබා දී තිබු අතර, ඒ බව විගණකාධිපතිවරයා විසින් ලිඛිතව එම ආයතනවලට දන්වා තිබියදීත් අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය මත පමණක් පදනම්ව KPMG නම් පුද්ගලික ආයතනයක් හරහා විගණන කටයුතු සිදු කිරීම කෝප් කමිටුවේ ප්‍රශ්න කිරීමට ලක්විය.

ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව මාලදිවයිනේ සහ සීෂෙල්ස් දූපතේ තිබූ ශාඛා වසා දැමීම හේතුවෙන් සිදු වූ රුපියල් මිලියන 36 ක පාඩුව පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ විගණන කටයුතු විගණකාධිපතිවරයා විසින් සිදුකරනු ලැබූවද එම සංස්ථාවට 99.94% කොටස් හිමි ලිට්රෝ ගෑස් ලංකා ලිමිටඩ් සහ 100% කොටස් හිමි ලිට්රෝ ටර්මිනල් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයන්හි පමණක් විගණන කටයුතු පෞද්ගලික ආයතනයක් මගින් සිදුකර ගැනීම විමතියට කාරණයක් බව කෝප් කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.

මෙහිදි අදහස් දැක්වූ ලිට්රෝ ගෑස් ලංකා සමාගමේ සභාපතිවරයා සඳහන් කර සිටියේ අධ්‍යක්ෂ මණ්ඩලය මගින් තීරණය කිරීම හේතුවෙන් පෞද්ගලික අංශයේ සමාගමක් මගින් විගණන කටයුතු සිදු කර ගැනීමට නීතිමය බාධාවක් නොමැති බවයි.

විශේෂයෙන් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව පවතින අනෙකුත් පරිපාළන සමාගම් සඳහා ද ඉදිරියේ දී මෙම තත්ත්වය අහිතකර ලෙස බලපෑම් කළ හැකි බැවින් රජයට අනුබද්ධ ආයතන සුරැකීම සියලු දෙනාගේම වගකීම වන බවත් ඒ අනුව නීතිපතිවරයාගෙන් මේ සම්බන්ධව කෝප් කමිටුව විසින් කරුණු විමසා ප්‍රධාන ගණන් දීමේ නිළධාරියා මගින් ඒ බව දැනුම් දීමට කටයුතු කරන බවත් මහාචාර්ය චරිත හේරත් මහතා සඳහන් කළේය.

මේ අතර ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාවේ මාලදිවයින් සහ සීෂෙල්ස් දූපත් ශාඛා වසා දැමීමට හේතු පාදක වූ කරුණු, එම ශාඛාවන් විවෘත කිරීම සහ වසා දැමීම සඳහා සංස්ථාවට දැරීමට සිදු වූ මූළ්‍යමය අලාභ හා වියදම පිළිබඳව කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා වෙත දන්වන ලදී.

රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේම්ජයන්ත් , නාලක ගොඩහේවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ජගත් පුෂ්පකුමාර, පාඨලී චම්පික රණවක, ප්‍රේම්නාත් සී දොලවත්ත, එස්.එම් මරික්කාර්, එස්. රාසමානික්කම් යන මහත්වරුද ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, ලිට්රෝ ගෑස් ලංකා සමාගම නියෝජනය කරමින් නිළධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More