ආණ්ඩුවේ පක්ෂ කිහිපයක නායකයන් සහ භික්ෂූන් වහන්සේලා පිරිසක් අතර නාරාහේන්පිට අභයාරාමයේදී පැවති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ජාතික නිදහස් පෙරමුණු නායක ඇමැති විමල් වීරවංශ මහතා කියා සිටියේ ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට දේශපාලන නායකත්ව තනතුරක් හිමි විය යුතු බවයි.
එහිදී ඔහු අවධාරණය කර සිටියේ,ජනාධිපතිවරයා දේශපාලන තන්ත්‍රය හා නිවැරදි ලෙස මුසු වන්නේ දේශපාලන නායකත්වයට පත්වූ විට බවත් එවිට රාජ්‍ය නායකයා දේශපාලන තන්ත්‍රයේ ද නායකයෙක් ලෙස ඉදිරියට යා හැකි වනු ඇති බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...