දේශීය පුවත්

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා අද (25) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ තමා අධිකරණ අමාත්‍ය ධූරය දරණ කාලය තුළ විහාර හා දේවාලගම් පනත අහෝසි කිරීමට හෝ එහි සංශෝධනයක් කිරීමට කිසිසේත්ම බලාපොරොත්තු නොවන බව ය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ බුර්කාවෙන් මුහුණු ආවරණය තහනම් කිරීම සහ මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම සඳහා ද දැනටමත් පියවර ගෙන ඇති බවය.

කෙසේ වුවද මාධ්‍යය සාකච්ඡාවේදි අලි සබ්‍රි මහතා අවධාරණය කර සිටියේ අවුරුදු 2500ක ඉතිහාසයක් තිබෙන සිංහල බෞද්ධ ජනයා බුක්ති විඳින විශේෂිත නීති අනෙක් ජන කොටස් වලට හානියක් නොවන තාක් එක වරටම කඩා බිඳ නොදැමිය යුතු බවයි .

කෙසේ වුවද අලි සබ්‍රි මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ මුස්ලිම් නීතිය වෙනස් වන්නේ නම් පෞද්ගලික නීතිය යටතට වැටෙන විහාර දේවාලගම් පනත පවා වෙනස් විය යුතු බවයි.

අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේ කළ සාවද්‍යය ප්‍රකාශය පාර්ලිමේන්තු හැන්ඩ්සාඩ් වාර්තාවෙන් ඉවත් කරණ ලෙස ඉල්ලා පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම හිමියෝ ඇතුළු මහා සංඝරත්නය ඉදිරිපත් කළ සංදේශය මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත.

අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේ කළ සාවද්‍යය ප්‍රකාශය පාර්ලිමේන්තු හැන්ඩ්සාඩ් වාර්තාවෙන් ඉවත් කරණ ලෙස ඉල්ලා පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම හිමියෝ ඇතුළු මහා සංඝරත්නය ඉදිරිපත් කළ සංදේශය මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොලවත්ත මහතා පාර්ලිමේන්තුවේ සභාගත කර ඇත.

මේ අතර ගලබොඩ අත්තේ ඥානසාර හිමියෝ මාධ්‍යය සාකච්ඡාවට එක් වෙමින් පවසා සිටියේ  අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ගුරුවරයා ඔස්තාද් මන්සුර් බවත් ඔහු වහාබි දේශකයෙකු බව තමන් වහන්සේ පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමට පැවසූ බවයි.

එහිදී  උන් වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ කොමිෂන් සභා වාර්තාවේ අලි සබ්‍රි මහතාගේ හොඳ තිබෙන බවට දැනගන්නට ලැබී තිබෙන හෙයින් කොමිෂන් සභා වාර්තාව විකෘතියක් බවට පත්කිරීමට අලිසබ්‍රි මහතාගේ මැදිහත්වීම ලබුනේදැයි සැක මතුවන බවයි.



One thought on “සිංහල බෞද්ධ ජනයා බුක්ති විඳින විශේෂිත නීති අනෙක් ජන කොටස් වලට හානියක් නොවන තාක් එක වරටම කඩා බිඳ නොදැමිය යුතුයි-අධිකරණ අමාත්‍ය අලි සබ්රි”

  1. අලි සබ්‍රි කියන්නේ වෙරි වෙච්ච මීයෙක්. මූට වෙරි පොවන්නේ ගෝඨාභයයි, මහින්දයි, බැසිලුයි. මොවුන්ට ඕනේ සිංහල බෞද්ධයන් සහ මුස්ලිමුන් ගැටෙන මාතෘකා එක දවසට එක ගානේ ගෙනල්ල ඔවුන් රටට කරන ඉතා බරපතල පාවා දීම් සමාජයෙන් හංගලා තියන්න.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More